ලන්සලාගේ නව සන්ධානය පුත්තලමෙන් වැඩට බහී. ආසන පහේම ශාඛා සංවිධාන පිහිටුවයි !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ප්‍රමුඛ කණ්ඩායම විසින් පිහිටුවන නව සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රවර්ධන කටයුතු දෙසැම්බර් මාසය පුරා එහි ආසන 5 තුලම ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

නිමල් ලන්සා සහ පියංකර ජයරත්න යන මන්ත්‍රීවරුන්ගේ නායකත්වයෙන් එම කටයුතු සිදුකෙරෙන බව සඳහන්.

මෙහිදී නව සන්ධානයේ කොට්ඨාස නියෝජිතයින් පත්කිරීම, අනුබද්ධ සංවිධාන පිහිටුවීම, භික්ෂු සංවිධාන පිහිටුවීම, කාන්තා සංවිධාන පිහිටුවීම වැනි කටයුතු එම මාසය පුරා සිදුවන අතර සිරිපාල අමරසිංහ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර එම වැඩසටහන් මෙහෙයවීමට පිටත්ව ගොස් තිබේ.

මේ අතර මීටම සමගාමිව සෙනසුරාදා දින හලාවත ආසනය කේන්ද්‍ර කර ගනිමින් පළාත් සභාවේ ජංගම සේවයක් ද මාදම්පේ කරුක්කුව සුගතානන්ද මහා විද්‍යාලයේදී පැවැත්වේ.

ඒ නිමල් ලන්සා මහතා වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීම සඳහා මෙම නව දේශපාලන සන්ධානය නිර්මාණය කෙරෙන අතර එය ලබන ජනවාරි මාසයේදී එළිදැක්වීමට නියමිතව තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...