භාණ්ඩ වර්ග 97 කට අලුතින් VAT බදු ! (VIDEO)

Date:

මෙතෙක් වැට් බද්දෙන් නිදහස් කර තිබුණු භාණ්ඩ වර්ග 138ක් අතරින් භාණ්ඩ වර්ග 97කට වැට් බදු අයකිරීමට යෝජනා වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

“වැට් බදු නිදහස් කිරීම් රාශියක් ලබාදීම හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.2% කට වැඩි ප්‍රතිශතයක් අහිමිවෙලා තියෙනවා කියලා ගණනය කරනවා. මේක ලබාගත යුතුයි. ඒක නිසා තමයි බදු නිදහස දීපු ද්‍රව්‍යයන් 138න් 97 කට මේ නිදහස ඉවත් කිරීමට යෝජනා වෙලා තිබෙන්නෙ. එයින් දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.2% ක ආදායම් වැඩිවීමක්, ඒ කියන්නෙ රුපියල් බිලියන 378ක ආදායමක් ලබාගන්න පුළුවන් කියලා ගණනය වෙලා තියෙනවා. ඒක රටේ අවශ්‍යතාවය”

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවේ ඊයේ (08) කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඉදිරිපත් කළ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...