IMF දෙවන වාරිකය වෙනුවෙන් තීරණාත්මක සාකච්ජාවක්!

Date:

කොළඹ LNW:එක් පාර්ශ්වයකට සීමා නොවී සියලුම රටවලට මිත්‍රත්වයේ දෑත් දිගු කිරීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම වන්නේ සියලුම රටවල් සමග මිත්‍රශීලි සබඳතා ගොඩනගා ගැනීම වන අතර කිසිවකු සමඟ අමනාප නොවීමටත්, කිසිදු කඳවුරකට ගැති නොවීමටත් එහිදී වගබලා ගනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ජනාධිපතිවරයාගේ මෙම නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට විදේශ සබඳතා නිවැරදි දිශානතියකට ගෙන යාමට හැකිවී තිබෙන බව සබ්‍රි මහතා කියාසිටියි.

මෙම මිත්‍රශීලි සබඳතා තුළ රට වෙනුවෙන් ‌ඓතිහාසික පියවර ගණනාවක් ගැනීමට අප සමත්ව තිබෙනවා. අඩු ආදායම් ලබන රටවල්වල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පැරිස් සමාජය තුළ යම් යාන්ත්‍රණයක් තිබෙනවා. නමුත් අඩු ආදායම්ලාභී රටවල්වලට වඩා ඉහළින් සිටින රටක් වශයෙන් අපේ රටට අදාළව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට යාන්ත්‍රණයක් තිබුණේ නැහැ. එනිසා අපටම ආවේණික වූ යාන්ත්‍රණයක් සකස් කිරීමට සිදු වුණා. එහිදී පැරිස් සමාජයෙන් පිටත සිටින ඉන්දියාව චීනය සහ ජපානයේ ද සහාය ලැබීම හේතුවෙන් පැරිස් සමාජය තුළින් යම් යම් උපකාර ලබා ගැනීමට අපට හැකි වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමට ඉන් අනතුරුව අපට හැකියාව ලැබෙනවා. මෙම දෙවැනි වාරිකය ලබා ගැනීමට සමත්වීම තුළ ශ්‍රී ලංකාව නිවැරදි දිශානතියකට ගමන් කරන බවක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තරයේ පිළිගැනීම වී තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ඉන්දියාව, චීනය මෙන්ම බටහිර රටවල් සහ මැද පෙරදිග රටවල් ඇතුළු සියලුම රටවල ණය හිමියන්ගේ කැමැත්ත ලබා ගැනීමට ජනාධිපතිතුමාගේ නිවැරදි තීන්දු තීරණ ඉවහල් වූ බව කිවයුතුයි. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් පසු අපේ රට බංකොලොත්භාවයෙන් මිදුණු රටක් බවට ලෝකයට ප්‍රකාශ කිරීමට අපට හැකියාව ලැබෙනවා. මෙරට ජනතාව ඉතා අසීරු කාලයක් පසු කළා. නමුත් අද වන විට ක්‍රම ක්‍රමයෙන් රට එම තත්ත්වයෙන් මුදවා ගැනීමට රජය කටයුතු කරමින් සිටිනවා. ලබන වසරේ මුල් කාර්තුව වන විට රටේ ආර්ථිකය යම් ප්‍රමාණයකට ඉහළ නංවා ගැනීමට හැකිවෙතැයි කියා අප විශ්වාස කරනවා” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...

සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...