අදා­නිට එරෙ­හිව ප්‍රශ්න ඇසී­මට අල්ලස් ගත් මන්ත්‍රී­ව­රියට සිදු වූ දේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ ගෞතම් අදානි ආසියාවේ තුන්වැනි ධනවතා ලෙස සැලකෙන  අතර , ඔහු සතු සමූහ ව්‍යාපාරය ඉලක්ක කරමින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ව්‍යාපාරිකයකුගෙන් ඉන්දීය රුපියල් මිලියන 20ක අල්ලස් මුදලක් ගත් බව කියන මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තුවෙන් නෙරපා හැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, බටහිර බෙංගාල ප්‍රාන්තයේ ප්‍රබල පක්ෂයක් වන ට්‍රිනාමූල් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි මහුවා මොයිත්‍රා නමැති මේ මන්ත්‍රීවරිය ලෝක් සභාවට යොමු කළ ප්‍රශ්න 61න් 50ක්ම ගෞතම් අදානි ඉලක්ක කරමින් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. ගෞතම් අදානි අගමැති නරේන්ද්‍ර මෝදිගේ සමිපතම හිතවතකු වන අතර, ඔහු ඉලක්ක කරමින් මන්ත්‍රීවරිය මුදලට ප්‍රශ්න අසා ඇතැයි චෝදනාව එල්ල කර ඇත්තේ භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රී නිෂිකාන්ත් ඩුබේ විසින් බවයි .

එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීවරිය ප්‍රකාශ කර ඇත්තේ සාක්ෂි නොමැතිව තමා පාර්ලිමේන්තුවෙන් නෙරපා දැමූ බවය. ඇය නෙරපා දැමීමට නිර්දේශ කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවේ ආචාරධර්ම කමිටුව පිටු 500කට අධික වාර්තාවක් සභාගත කර ඇති අතර, එම තීරණයට එරෙහිව ඇයට අධිකරණය හමුවේ අභියෝග කිරීමට හැකියාව ඇතැයි ද වාර්තා වේ.

සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...