ඊසානදිග මෝසම් තත්ත්වය සක්‍රීය වේ: අද (10)කාලගුණය

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW :

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව පවසයි.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ වලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි අතර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි .

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කළ ලොව ප්‍රථම රට බවට ඕස්ට්‍රේලියාව පත්වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට ,...

අද දවස වන විට ආපදාවන්හි නවතම තත්ත්වය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පැවති අහයපත් කාලගුණික තත්ත්වය මත සිදුවූ ආපදා...

ආපදා නිසා නොනැවතුනු මත්ද්‍රව්‍ය මෙහෙයුම: ගතවූ සතියේ මත්කුඩු 70kg ක් අත්අඩංගුවට

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : සුළි කුණාටුව...

උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 සිට – තෙවන වාර විභාගය ගැනත් තීරණයක් ගනී.

කොළඹ LNW:ආපදා තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු...