තායිලන්ත-කාම්බෝජ දේශසීමා ගැටුම් අඛණ්ඩව තුන්වන දිනටත්

Date:

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් මස 10: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : තායිලන්තය සහ කාම්බෝජය අතර සටන් තුන්වන දිනටත් අඛණ්ඩව අද(10) දිනය දක්වා ක්‍රියාත්මක වෙමින් පවතින අතර දෙරට අතර ගැටුම් හේතුවෙන් මේ දක්වා අවම වශයෙන් සොල්දාදුවන් සහ සිවිල් වැසියන් 13 දෙනෙකු මිය ගොස් ඇත.

දේශසීමා ෂෙල් වෙඩි ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 500,000 කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව තායිලන්ත ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක සුරසන්ත් කොංසිරි තහවුරු කර ඇති අතර දෙරට අතර සබඳතා මේවන විට විශාල වශයෙන් බිඳ වැටි ඇති අතර දැනට තායිලන්තයේ පැවැත්වෙන අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙලෙන් ඉවත් වන බව කාම්බෝජය ඉවත්වන බවද යෝජනා කර ඇත.

කාම්බෝජය විසින් අලුතින් අටවන ලද බිම් බෝම්බ පිපිරීමකින් තායි සොල්දාදුවෙකු ආබාධිත තත්ත්වයට පත් වීමත් සමඟ පසුගිය ජූලි මාසයේ දින පහක් පුරා පැවති සටන්වලින් පසු මේ සතියේ ගැටුම් වලින් තායිලන්ත-කාම්බෝජ දේශ සීමාවේ දෙපස දුසිම් ගනනක් මිය ගොස් 300,000 ක් පමණ අවතැන් විය.

පසුගිය මාසයේ මැලේසියාවේ ක්වාලාලම්පූර් හි ට්‍රම්ප්ගේ සහභාගීත්වයෙන් දෙරට අතර සාම ගිවිසුමක් අත්සන් කරන ලද මුත් ජනාධිපති ට්‍රම්ප් ඊයේ දිනයේදී සඳහන් කර තිබුණේ, අලුත් කරන ලද සටන් නැවැත්වීමට තමා තායිලන්ත-කාම්බෝජයට දුරකථන ඇමතුමක් ලබා දීමට සුදානම්ව සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...

වවුනියාව විශ්වවිද්‍යාලයේ Technology Incubation Centre විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ විද්‍යා...

මානසික පීඩාවන්ගෙන් පෙළෙන වැඩිහිටියෙකු බිහිවන්නේ ඇයි?

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වැඩිහිටි...

2025 ආසියා බර්ලින් සමුළුවේදී ශ්‍රී ලාංකික නවෝත්පාදනයන් විශ්මයට පත් කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : 2025 ආසියා බර්ලින්...