ඕමාන් හා ඩුබායි බලා පිටත්ව යන විශේෂ කණ්ඩායම

Date:

මිනිස් ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සඳහා විශේෂ කණ්ඩයමක් අද (10) ඕමාන් හා ඩුබායි බලා පිටත්ව යන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ කාර්යාංශයේ නිලධාරීන් 6 දෙනෙකු එම කණ්ඩායමට ඇතුළත් බවයි.

මේ වනවිට සංචාරක වීසා මත ගොස් දුෂ්කරතාවට පත්වූ කාන්තාවන් 30 දෙනෙකු ඕමානයේ සුරක්ෂා නිවස්නයේද 60කට ආසන්න පිරිසක් ඩුබායිහි සුරක්ෂා නිවස්නයේද රැඳි සිටින බව ඔහු පැවසුවේ ය.

ගාමිණි සෙනරත් යාපා මහතා පැවසුවේ, එලෙස රැඳී සිටින කාන්තාවන් දිවයිනට ගෙන්වා ගැනීම කඩිනම් කිරීම පිටත්ව යන කණ්ඩායමේ තවත් අරමුණක් බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...