*
Sunday, May 12, 2024
spot_img

Latest Posts

රාජ්‍ය සේවකයින්ගේ පැතුම් ඉටුවෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2024 වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇති අතර , ඒ අනුව රුපියල් 4,000ක අත්තිකාරම් මුදලක් ලබාදීමට නියමිත බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

ලබන වසරේ ජනවාරි මස පළමු වන දින සිට එම අත්තිකාරම් මුදල  පෙබරවාරි මස 29 වන දින දක්වා කාලය තුළ ලබාදීමට නියමිතයි.

සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින්, මහා භාණ්ඩාගාරයේ එකඟතාව මත රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය ලේකම්වරයා විසින් ඒ පිළිබඳව දැනුම් දී ඇති බව සඳහන් වේ.

මෙම අත්තිකාරම් මුදල 2024 වර්ෂය තුළදීම අයකර අවසන් කළ යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන් වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan