රත්නප්‍රියගේ මල්ල ලිහෙයි.පොදු අපේක්ෂකයා මෙන්න!

Date:

කොළඹ LNW:බංකොලොත් වූ රට ගොඩගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වන හෙයින් ඉදිරි මැතිවරණයකදී ඔහුව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

පක්ෂ විපක්ෂ බොහෝ අය ඔහු සමඟ එකතු වීමට නියමිත බවයි රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ.

වෘත්තීය සමිතිවලට ගැටළු පැවතියද මේ වන විට ඇත්තේ සෙල්ලම් කිරීමට හැකි පිටියක් නොවන අතර බංකොලොත් රටක් ගොඩගෙන ණය ගෙවමින් තිබෙන මොහොතක් බව ඔහු කියාසිටියි.

ක්‍රියාත්මක වීමට නියමිත තැපැල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැන අදහස් දක්වමිනුයි රත්නප්‍රිය මහතා මේ බව කියාසිටියේ.

දිනපතා වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවීම රටක් ලෙස අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය කරන බවත් එවැනි පසුබිමක සංචාරක හා ආයෝජනා අවස්ථා ගිලිහෙන බව ඔහු සඳහන් කරයි.

”වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න කොට හිතන්න ඕන බැංකු ණය ගෙවන්න, විදුලි බිල් ගෙවන්න, ජීවත් වෙන්න අමාරුවෙන් මිනිස්සු ජීවත් වෙන කාලයක්. රජයේ සේවකයා පවා අමාරුවෙන් යන්නේ. ඒක රජය, ජනාධිපති පිළිගන්නවා. ඒ නිසා තමයි රුපියල් 10000ක වැටුප් වැඩිවීමක් සිදු කරන්නේ අප්‍රේල් සිට.බදු එකතු කිරීම පළමු කාර්තුව දෙවන හා තුන්වෙනි කාර්තුව සාර්ථක නිසා ජනවාරි සිට ඒ වැඩිවීම දෙන්න සලකා බලනවා. නමුත් ඒ වෘත්තීය ක්‍රියාමාර්ග නිසා කියලා හිතන්න එපා.

අද පාර්ලිමේන්තුවේ ගණ පූරණය නෑ කියලා කල් තියෙන්න කටයුතු කරලා. අපි ඔන්න වැඩේ දුන්නා කියල හිතෙනවා නම් වැරදියි. IMF ණය අනුමත වෙන්නේ රටේ ජනතාව වෙනුවෙන්. එවැනි දෙයක් කරලා කඩාකප්පල් කරලා කරන්න විපක්ෂය කාලකන්නි සතුටක් ලබන්නේ. රනිල් වික්‍රමසිංහ මේ රට ගොඩගත්තේ. ඉදිරි මැතිවරණයකදී රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරන්න තමයි අපේ බලාපොරොත්තුව. එදාට පක්ෂ විපක්ෂ බොහෝ අය ඔහු සමග එකතු වෙයි.” යනුවෙන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...