ගෙවුණු පැය 48ට තුළ ඊශ්‍රායලයෙන් සිරියාවට එරෙහිව ගුවන් ප්‍රහාර 350ක් ; සිරියානු නාවික හමුදාවට බරපතල හානි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සිරියාවේ අසාද් පාලන තන්ත්‍රය බිඳ වැටීමත් සමඟ රට තුළ හමුදා වත්කම් උදාසීන කිරීමට දරන උත්සාහයේ කොටසක් ලෙස ඊශ්‍රායලය විසින් සිරියාවේ ඉලක්ක 350ක් පමණ ඉලක්ක කරගනිමින් පසුගිය පැය 48තුළ සිරියානු අගනුවර වන ඩැමස්කස්හි මෙන්ම හෝම්ස්, ටාටස් සහ පැල්මයිරා හි ගුවන් තොටුපලවල්, හමුදා වාහන, ගුවන් යානා නාශක අවි සහ ආයුධ නිෂ්පාදන ස්ථාන ඇතුළු පුළුල් පරාසයක ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව වාර්තා වේ.

මෙහිදී සිරියාවේ නාවික බල ඇණියට විශාල හානියක් සිදුව ඇති අතර ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) සඳහන් කර තිබුණේ, අල්-බයිඩා සහ ලටාකියා හි වරායන්හි යාත්‍රා 15ක් වෙත ප්‍රහාර එල්ල කළ බවත්, ආයුධ ගබඩා, පතොරම් ගබඩා සහ මිසයිල දුසිම් ගණනක් ඉලක්ක කළ බවයි.

ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් සඳහන් කර තිබුණේ, ඊශ්‍රායල් රාජ්‍යයට තර්ජනයක් වන උපායමාර්ගික හැකියාවන් විනාශ කිරීම කටයුතු කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...