ගෙවුණු පැය 48ට තුළ ඊශ්‍රායලයෙන් සිරියාවට එරෙහිව ගුවන් ප්‍රහාර 350ක් ; සිරියානු නාවික හමුදාවට බරපතල හානි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සිරියාවේ අසාද් පාලන තන්ත්‍රය බිඳ වැටීමත් සමඟ රට තුළ හමුදා වත්කම් උදාසීන කිරීමට දරන උත්සාහයේ කොටසක් ලෙස ඊශ්‍රායලය විසින් සිරියාවේ ඉලක්ක 350ක් පමණ ඉලක්ක කරගනිමින් පසුගිය පැය 48තුළ සිරියානු අගනුවර වන ඩැමස්කස්හි මෙන්ම හෝම්ස්, ටාටස් සහ පැල්මයිරා හි ගුවන් තොටුපලවල්, හමුදා වාහන, ගුවන් යානා නාශක අවි සහ ආයුධ නිෂ්පාදන ස්ථාන ඇතුළු පුළුල් පරාසයක ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව වාර්තා වේ.

මෙහිදී සිරියාවේ නාවික බල ඇණියට විශාල හානියක් සිදුව ඇති අතර ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) සඳහන් කර තිබුණේ, අල්-බයිඩා සහ ලටාකියා හි වරායන්හි යාත්‍රා 15ක් වෙත ප්‍රහාර එල්ල කළ බවත්, ආයුධ ගබඩා, පතොරම් ගබඩා සහ මිසයිල දුසිම් ගණනක් ඉලක්ක කළ බවයි.

ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් සඳහන් කර තිබුණේ, ඊශ්‍රායල් රාජ්‍යයට තර්ජනයක් වන උපායමාර්ගික හැකියාවන් විනාශ කිරීම කටයුතු කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” පනත්...

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...