පර්සි අමතක නොකළ යුතු ක්‍රිකට් වස්තුවක්

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 11 ,(LNW) කොළඹ :

පර්සි කියන්නෙ ලංකාවෙ ක්‍රිකට්වල පුරාවෘත්තයක්.එත් ගොඩක් දේවල් මතකය එක්ක අමතක වෙන ස්වභාවයක් අපට තියෙනවා.එහෙම තත්ත්වයක වෙළද සේවා ක්‍රිකට් සංගමය අමතක වෙන අයටත් පර්සිව අහලා හරි දැනගන්න පුළුවන් ක්‍රමයක් තමන්ගේ සංගමයට ගොඩවෙන අය වෙනුවෙන් අනාගතයට ඉතුරු කරන්න ක්‍රමයක් සකස් කිරීම අගය කළ යුතුයි.


පර්සි අබේසේකර ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ලෝකය වටේ ශ්‍රී ලංකාවේ ජාතික ධජයත් අරගෙන ඇවිද්ද කෙනෙක්.ඔහුට ක්‍රිකට් ගැන වගේම ලංකාවට අනන්‍ය වූ සංස්කෘතිකමය දායාද ගැනත් තිබුණු දැණුම විශේෂ එකක්.පර්ස් කියන්නෙ නිකම්ම ක්‍රිකට්වලට ආසාවෙන් කොඩියක් උස්සන් ගිය මනුස්සෙක් නෙමෙයි.ඔහු ඉගෙනගත්තු සහ ක්‍රිකට් ගහපු මනුස්සෙක්.රට ගැන ආදරය,ක්‍රිකට් ගැන ආදරයට විතරක් ඒ දේවල් කරපු කෙනෙක් නෙමෙයි.ඒ දෙක ගැනම පර්සිට පළල් අවබෝධයක් තිබුණා.


ඒ නිසා දිරිගන්වන්නෙක් කෙසේ විය යුතුද යන්න පිළිබඳ පූර්වාදර්ශයක් හැටියට පර්සිව නම් කරන්න පුළුවන්.ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට ඔහුගේ ජීවිතයෙ වැඩිම අවධානයක් හිමි වුණේ වෙළද සේවා ක්‍රිකට් හරහායි.ජවන වෘත්තිය සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරන්නත් සම්බන්ධ වෙලා හිටපු පර්සිට පසුකාලෙක තමන්ගේ ආයතනය වගේම තවත් බොහෝ ක්‍රිකට්වලට සම්බන්ධ වෙළද ආයතනත් දිරිගන්වන්නෙක් විදිහට ලෝකය පුරා කළ සංචාරවලදි උපකාර කරලා තියෙනවා.ඒ නිසා වෙළද සේවා ක්‍රිකට් පවුල අමතක කළ නොහැකි පර්සිව,අනාගත පරපුරටත් යළි යළිත් සිහිවන වැඩක් කරන්න හිතාගෙන තස ක්‍රීඩා සමාජ පරිශ්‍රෙය් ඔහුගේ ඡායාරූපයක් විවෘත කරනවා.


දැවන්ත ක්‍රීඩකයො විතරක්ම නෙමෙයි ඒ ක්‍රීඩාවේ සංස්කෘතික අනන්‍යතාවය වෙන්නෙ.ඊට සමබන්ධ තවත් බොහෝ චරිත මත තමයි ක්‍රිකට් පවතින්නෙ.එවැනි චරිතයක් වූ පර්සිව අනාගතයට කියවා ගැනීම පිණිස වෙළඳ සේවා ක්‍රිකට් සංගමය කළ මේ යහපත් වැඩේ ඉහළින්ම අගය කළ යුතු කෘතවේදී ගෞරවය පිරුණු වැඩක්.
දිරි ගැන්වීම සළකනු මැන කලාවක්
තනියෙන් එයට දී විසිතුරු රටාවක්
රට රට පතල පරසිදු රස ගුලාවක්
පිටියේ ක්‍රිකට් ඔහු වෙනමම කතාවක්

තරු පිරි ක්‍රිකට් අහසම පොළවට නැමෙන
පර්සි යි කියා දෑතින් අල්ලා දොඩන
තරු මංඩලේ බැටරිය ඔහු ඔප දමන
ඔහු නැති දාක දැනෙනවා තරුවක් නිවුන

(පර්සි ජිව්තව සිටියදී පළවුණ ක්‍රීඩාව සම්බන්ධයෙන් ලියැවි පළමු කාව්‍ය සංග්‍රහය වන ස්පෝර්ට්ස් kavi ග්‍රන්ථයේ පර්සි ගැන තැබුණ සටහනෙන්)

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට. 309 කට තුවාල !

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් අවම...