මාරාන්තික වෛරස සාම්පල සිය ගණනක් අහිමි වූ සිදුවීමක් සමාජ මාධ්‍ය කලඹවයි!

Date:

සටහන: පුන්සරා ලියනගේ

දෙසැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):2021 දී ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි මහජන සෞඛ්‍ය වෛරස් විද්‍යාගාරයක අධිශීතකරණයක් ක්‍රියා විරහිත විය. මෙම සිදුවීම මාරාන්තික වෛරස් අඩංගු කුප්පි සිය ගණනක් වෙනත් ගබඩා කුටියකට කඩිනමින් ගෙන යාමට හේතු වූ අතර ඒවාහි ස්ථාන මාරුව කඩිමුඩියේ සහ නිසි ලියකියවිලි නොමැතිව සිදු කර ඇතැයි වාර්තා වෙයි.

2023 අගෝස්තු වන විට, මෙම කුප්පි බොහොමයක් කොහේදැයි නොදන්නා බව බලධාරීන් වටහා ගත් අතර ක්වීන්ස්ලන්ඩ් හි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි ජෝන් ජෙරාඩ් මේ සතිය මුලදී හෙළි කළේ කුප්පි 323 ක් පමණ මුළු වශයෙන් අස්ථානගතව ඇති බවයි.

අතුරුදහන් වූ කුප්පි අතරට හෙන්ඩ්‍රා වෛරසයේ සාම්පල 100කට ආසන්න ප්‍රමාණයක්, හැන්ටා වයිරසයේ සාම්පල දෙකක් සහ lyssavirus වයිරස සාම්පල 223ක් ඇතුළත් වේ.

පසුගිය වසර පහ තුළ ක්වීන්ස්ලන්තයෙන් හෙන්ඩ්‍රා වෛරසය හෝ ලයිසා වයිරසය පිළිබඳ කිසිදු මානව රෝගියෙකු වාර්තා වී නොමැති බවත් ඔස්ට්‍රේලියාවේ ඉතිහාසයේ හන්ටා වයිරස රෝගියෙකු පිළිබඳ වාර්තා වී නොමැති බවත් අවධාරණය කරයි.

නමුත් මේ වනවිට මේ වෛරස සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පුරා විශාල කතාබහක් ඇති ව තිබේ. සාමාන්‍ය රසායනාගාර අපද්‍රව්‍ය සමඟ මෙම වෛරස කුප්පි නොදැනුවත්වම ඉවත දැමිය හැකි යැයි සමහරු බිය වෙති. එපමණක් නොව එම වෛරස සාම්පල කවදා හෝ හමු වුවහොත් මිනිසුන් අවදානමට ලක් කළ හැකි අඳුරු පැතිකඩක් ද ඊට පවතින බවද ඔවුන් ප්‍රකාශ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...