පුළුවන්නම් ගෝල් එකක් ගහන්න කියන මොරොක්කෝව

0
494

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වන විට කවුරුත් කතා කරමින් සිටියේ ප්‍රහාරකයන් ගැනය.විශේෂයෙන් ආජෙන්ටිනාවේ ලයනල් මෙසී,පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ,බ්‍රසීලයේ නේමාර් සහ රිචල්සන් මේ අතරින් ඉහළ අවධානයක් දිනූවෝ වූහ.නමුත් මේ වන විට මෙසි නියෝජනය කරන ආර්ජෙන්ටිනාව හැරෙන්නට බ්‍රසීලය සහ පෘතුගාලය අවසන් පූර්ව වටයේ නැත.ලොව වර්ථමාන ශ්‍රේණිගත කිරීම් අනුව පළමු තැන ඉන්න බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව වටයේදී ගෙදර යවන්නට පෙරමුණ ගත්තේ ක්‍රෝඒසියාවේ දැල් රකින්නා වන ඩොමිනික් ලිවකොවික්.

ඔහු ක්‍රොඒෂියාව නිදහස් පහරේ රජවරු හැටියට සමාජ ගත කර අවසන්.ඒ වගෙම ක්‍රොඒෂියාව සහ මොරොක්කෝව පමණක් මේ වන විට අපරාජිතව සිටින අතර මොරොක්කෝ දැල රකින යාෂින් බොව්නෝ ඉක්මවා යන්නට තවමත් කිසිම ප්‍රතිවාදි කණ්ඩායමක ක්‍රීඩකයෙක්ට හැකි වී නැත.මේ තරගාවලියේ කැනඩාවට එරෙහි තරගයේදී මොරොක්කෝ දැල තුළ පැටලුණු එකම ගෝලය එල්ල වුණේ එම කණ්ඩායමේම නොයෙල් අගුවඩ් ගේ පයෙනි.ඒ නිසා ප්‍රංශය ඉදිරියේ අවසාන පූර්ව තරගයේදී මොරොක්කෝව සිට ගන්නේ පුළුවන්නම් ගෝල් එකක් ගහපං කියන අභියෝගය සහිතවය.


ඒ නිසා මේ තරගාවලියට පැමිණි “ගෝල් මැෂින්” නිෂ්ක්‍රීය කරපු සුපිරිතම දැල් රකින්නන් දෙදෙනා සමඟ අවසාන පූර්ව වටයේ සිට ගනු ලබන ක්‍රොඒෂියාවේ ලිවකොවික් ඉදිරියේ ඇති දැවන්නතම අභියෝගය මෙසී ය.එසේම මෙසීට සපුරා අවධානය දීමෙන් වෙනත් විදුලිමය ප්‍රහාරයන් සහිත ආර්ජෙන්ටිනානුවෙක්ට ක්‍රෝඒෂියා දැලට රිංගිය හැකි බවත් ලිවකොවික් දන්නේය.ඔහු ප්‍රහාරකයන්ම පොකුරක් සහිත බ්‍රසීලය පාලනය කළ ආකාරයෙන් තරගයට පෙර ඔහුගේ හැදෑරීම සහ සූදානම තේරුම් ගත හැකිය.යාසින් සිටින්නේ තවමත් ප්‍රතිවාදින් ඉදිරියේ අපරාජිතවය.ඔවුන් තරගාවලියේදී අපරාජිතව සිටින කණ්ඩායම් දෙක සේ ක්‍රොඒසියාව සහ මොරොක්කෝව සිටින්නේ ද මේ දැල් රැකීමේ විශිෂ්ඨත්වය පදනම් කරගෙනය.ඒ නිසා යාෂින් ඉදිරියේ ප්‍රංශයේ පයට සබැඳි ඔළුවක් බඳු මබාපේ සිටගෙන සිටිම ගැන අමතක කරන්නට නොහැකිය.ඔහුගේ ප්‍රහාරයන් සැළසුමත්,සංයමයත් සමඟ වේගය රැදුණු බර ඒවාය.එහෙත් යාෂින් අප්‍රිකාව ඉතිහාසයේ ප්‍රථම වරට අවසාන පූර්ව වටයට ගෙන එන්නට දුන් දායකත්වය වත්මන් ලෝක සූරයන් ඉදිරියේ හකුලා ගන්නට සූදානම් නොවනු ඇති බව පැහැදිළිය.යාෂින්ට තමන්ගේ දැල ප්‍රතිවාදියෙකුගේ පාපහරකින් දූෂණය කරන්නට නොදී නිර්මලත්වය රැක ගන්නට හැකි වුවහොත් පළමුවරට අප්‍රිකානු රටක් ලෝක කුසලාන අවසාන තරග පිටියේ දකින්නට ලැබෙනු ඇත.

පාතුගාලය පරාදය.අවසාන තීරණය එයය.දැන් ඉතිං රොනාල්ඩෝ ප්‍රථම භාගයේ පිටියට නොගැනිම ගැන වැළපි වැඩක් නැත.නමුත් පුහුණුකරු ෆ්‍රනාන්දු සැන්ටෝස් රොනාල්ඩෝ වෙනුවට පිටියට කැඳ වූ රාමෝස් ගොන්සාල්වේස් ගෝල ත්‍රිත්වයක් ලැබුවේ මොරොක්කෝවට එරෙහිව නොව ස්විට්ස්ර්ලන්තයට එරෙහිවය.මේ ලෝක කුසලානයට සාපේක්ෂව සිඳුරු කරන්නට අපහසුම සහ නොඳුන්ම දැල සමඟ රැඳෙන යාසින් ප්‍රමුඛ ආරක්ෂක පෙළ තරගයක හිට ගන්නේම පුළුවන්නම් ගෝලයක් ගහපං යන නිහඬ ප්‍රකාශය සමඟින්ය.එවැනි පසුබිමක රොනාල්ඩෝ මුල සිට පිටියේ නැත යන්න පෘතුගාලයට පහසු වන්නේ නැත.මොරොක්කෝව දිනන්න තමන්ට එක ගෝලයක් ප්‍රමාණවත් බව දන්න ගෝලයක් ලබා ගෙන ප්‍රතිවාදීන්ට තමන්ගේ දැල ආක්‍රමණය කරන්නට ඉඩ නොදෙන උවමනාවෙන් සටන් කරන කණ්ඩායමක්ය.ඔවුන්ට ගෝල ලබා ගැනීමේ වාර්තා අවශ්‍යය නැති අතර අවශ්‍යය ජයග්‍රහණය ය.ඒ වෙනුවෙන් ඔවුන් කණ්ඩායමක් හැටියට එක්ව සටන් කරන හැටි අපූරුය.ක්‍රීඩකයින්, පුහුණුකරු සහ එම කාර්ය මණ්ඩලය එකටම සිටින එකට හුස්ම ගන්න එකමුතුමේ සංයුතිය සහ සංචිතය මොරොක්කෝවය.එය සුපිරි ක්‍රීඩකයෙක්ට බිඳින්නට අපහසු කණ්ඩායම් ක්‍රීඩාවක් හැටියට ගත් විට කණ්ඩායම් ක්‍රියාකාරීත්වයේ විශිෂ්ඨත්වයකින්ම පමණක් බිද දැමිය හැකි එකකි.
පෘතුගාලය මොරොක්කෝව අඩු තක්සේරුවකින් කියවා ගත්තද අපි නොදන්නෙමු.ඔවුන් විශාල උත්සාහයක් දැරූවත් මොරොක්කෝවට අවශ්‍යය වි තිබූ ජයග්‍රහණය වෙනුවෙන් පළමු ගෝලය ලබා ගැනීමෙන් ඉනික්බිති ඔවුන්ට අවශ්‍යය වූයේ තවත් ගෝලවලට වඩා ලබාගත් ගෝලය ආරක්ෂා කර ගැනිමය.ඔවුන් එය කළේය.අවසාන පූර්ව තරගයේදී ද ප්‍රංශය තමන් ලෝක සූරතාවය ගත්තේ ඉකුත් තරගාවලියේදී බව සිහිතබා ගැනීම වටින අතර මේ තරගාවලියේ කුසලානය වෙනුවෙන් තරග කරන කණ්ඩායමක් මිස එහි ද ලෝක සූරයන් යැයි සිතා නොගැනීම වැදගත් ය.හසේ සිතන හැම වාරයකටම ප්‍රංශයට මොරොක්කෝවට වන්දි ගෙවන්නට සිඳුවන්නේ ගෝලවලින්ය.මොරොක්කෝවට වැඩිම ගෝල්ලාභියාගේ සම්මාන අදාළ නැත.ඔවුන්ට අවශ්‍යය එක ගෝලයක් හෝ ගසා එය ජයග්‍රහණය සඳහා රැක ගැනීම යන්න ඇත්තය.ඒ නිසා අර්ධ අවසන් පූර්ව වටයේදි ගෝල 2-1 සේ තමන්ට පරාජය වුණ එංගලන්තය වෙනුවට මෙරට වේලාවෙන් 15 වන දා අළුයම් භාගයේ 12.30 ට පිටියේ දී හමුවන්නේ අප්‍රිකාවේ ඉතිහාසය මේ වන විටද වෙනස් කර පාපන්දු කණ්ඩායම බව ප්‍රංශය සිහිතබා ගැනීම වැදගත්ය.
බොහෝ අය සිතුවේ බ්‍රසීලය මේ තරගාවලිය ජයගනු ඇති බවය.නමුත් ඔවුන් ආපසු හරවා යැවූ ලුකගේ ක්‍රෝඒසියානු පිරිවරට 14 දා හමුවන්නේ බ්‍රසීලයට පසුව වැඩිම විශ්වාසය දිනා සිටින කණ්ඩායමය.නමුත් දැන් ඒ තරගාවලියට පෙර සැකසූ පූර්ව සැළසුම් සැකසුම් මෙන්ම පාපන්දු ලෝලියාගේ හැඟුම් ද වෙනස්ය.මනරම් පහරවල්වලට වඩා ක්‍රෝඒසියාවේ ලිවකොවික් හෝ මොරෝකෝවේ යාසින් පියාඹන නර්තනාංගයක ආකාරයට පන්දුවට ඉඟිල්ලෙන අයුරු දැක ගන්නට කැමතිය.ඒ නිසා එක ගෙදර යැවූ ක්‍රොඒෂියාව සමඟ මිස තමන් ගැටෙන්නේ නෙදර්ලන්තය සමඟ නොවන බව සිතන්නට ආර්ජෙන්ටිනාව සූදානම් විය යුතුය.නැත්නම් බ්‍රසීලය කළ ආකාරයටම දකුණු ඇමෙරිකානු මහද්වීපයට ගුවන් ටිකට් සූදානම් කර ගන්නට ආර්ජෙන්ටිනාවට ද ක්‍රොඒෂීයාව ඉදිරිපත් වනු ඇත.
කොහොම වුණත් ඇස් කිලෝමීටර් ගාණක් දෙපැත්තට දුවන,මුව වසන්නට අමතක වෙන,විසල් වූ ඇස් නොවැසෙන,නොදැනීම කෑ ගැසෙන,දෑත් හිස් මත බැඳෙන විශ්මයෙන් විශ්වයම එක් කරන අපූරු චලනයන්ගේ චමත්කාරජනක පෙළහරේ අවසාන උරුමක්කාරයා තීරණය වන සටනේ සිටින්නේ කවුරුන්ද යන්න තීරණය කරන අවසාන පූර්ව තරග පූර්ව විශ්වාසයන් තියාගෙන නරඹන්නට යාම අනුචිතය.ඒ තරම් මේ සටන් වෙඩි සැරට පහර දෙන ප්‍රහාරකයන්ගේ ද,මල්ටි බැරල් ප්‍රහාරයන් පවා නැවතිය හැකි දෑත් සහිත දැල් රකින්නන්ගෙන් සුළු අතපසුවිමකින් තීරණය වෙන්නට නියමිත සටන්ය.ඔවුන්ගේ නිවැරදිභාවයන්ට වඩා විය හැකි සුළු වරද තීරණාත්මක වන්නේ නොවරදින තරමට දක්ෂයන් පිරිසක් මේ කණ්ඩායම් හතර තුළ සිටින බව මේ දක්වා ඔප්පු කර අවසන් බැවිනි.
අමාරුකාරයෝ දෙන්නා ලිවකොවික් සහ යාෂින්ය.ඔවුන් තීරණාත්මකය.නමුත් පන්දුව ගෝලාකාර බැවින් රඳවා ගන්නට අපහසුය.පෙරලෙන්නට හැකිය.කොයි අතටදැයි නොදනිමු.ඒත් එය අපූරුය.

RM