ආබාධයත් සමඟ ආගමනයේදී චාමික වීරයා ගේ තැනට

Date:

එල්පීඑල් තරගාවලියේදි පන්දු රැකීමේ දී සිඳු වූ ආබාධයකට ප්‍රතිකාර ගනිමින් සිටින අතරේ ඊයේ නැවත ක්‍රීඩා පිටියට පිවිසි චාමික කරුණාරත්න තමන් නියෝජනය කරන කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට ජයග්‍රහණය ගෙන දීමට මුල් වෙමින් තරගයේ වීරයා සම්මානයට හිමිකම් කීවේය.තරගයේ අවසාන භාගයේදී කැන්ඩි කණ්ඩායම පීඩනයකට ලක් වී තිබියදී පන්දු 16 දී හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් එල්ල කරමින්.
කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට මේ තරගයේදී මුණ ගැසුණේ තමන් මෙන්ම තරගාවලිය තුළ අපරාජිතව සිටින ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමයි.එහිදී කාසියේ වාසිය දිනූ කැන්ඩි කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ජැෆ්නා කණ්ඩායමට ආරාධනා කළා.එහිදී පැතුම් නිශ්ශංක (31),ෂොහිබ් මලික් (20) සහ දිමුත් වෙල්ලාලගේ (20)ප්‍රමුඛ කොට නැඟුණ ලකුණු පූවරුව පන්දු ඕවර් 20 නිමාවෙදදී කඩුලු 7 ක් දැවී ලකුණු 147 ක් දක්වා දිව ගියා.පිළිතුරු ඉණිමට පිවිසි ජැෆ්නා කණ්ඩායම තරගයේ අවසාන පන්දු ඕවර් කිහිපය වන විට අවශ්‍යය වේගය ලබා ගැනීමේ අපහසුවකින් පසු වූ අතර අශේන් බණ්ඩාර ලකුණු 44 ක් ලබා පිටියෙන් ඉවත්වීමත් සමඟ ජයග්‍රහණය ජැෆ්නා කණ්ඪායමට නතු වන තත්ත්වයක් නිර්මාණය කරා.එහිදි වගකිම කරට ගත් චාමික,කැන්ඪි කණ්ඩායමට නියමිත වූ පන්දු ඕවර් 20 අවසාන පන්දුවේදී කෙටි ලකුණක් ලබා ගැනීමට ද දායක වෙමින් කැණ්ඩි කණ්ඩායමේ අපරාජිත වාර්තාව ඉදිරියට රැඟෙන යන්නට කැප වුණා.නියමිත ඉලක්කයට කැණ්ඩි කණ්ඩායම පිවිසෙන විට ලකුණු පූවරුවේ කඩුලු 7 ක් අහිමිව ලකුණු 148 ක් ප්‍රදර්ශණය වුණා.
මෙහිදී කැණ්ඩි කණ්ඩායම වෙනුවෙන් ඉසුරු උදාන,ෆේබියන් ඇලන් සහ වනිඳු හසරංග කඩුලු 2 බැඟින් දවා ගත්තා.ඔවුන් පිළිවෙලින් තමන්ගේ පන්දු ඕවර් 4 නිමා කළේ ලකුණු 32ක්,ලකුණු 23 ක් සහ ලකුණු 26 ක් ලබා දෙමින්.ජැෆ්නා පන්දු යැවීමේ බලඇණියේ හොඳම පන්දු යැවීම වාර්තා කරේ දුනිත් වෙල්ලාලගේ යි.ඔහු පන්දු ඕවර් 4 නිමා කළේ ලකුණු 17 ට කඩුලු 2 ක් දවා ගනිමින්.විජයකාන්ත් වියස්කාන්ත් පන්දු ඕවර් 4 ලකුණු 19 ට එක් කඩුල්ලක් ලබාගෙන නිමා කරන්නට සමත් වුණා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...