පාතාල නායක ‘මිනුවන්ගොඩ මහේෂ් මල්ලීගේ’ ප්‍රධාන ගෝලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට …

ඩුබායිහී සැඟව සිටින පාතාල නායක මිනුවන්ගොඩ මහේෂ් මල්ලී නැමැත්තාගේ ප්‍රධාන ගෝලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට …

විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ , ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව කළ මෙහෙයුමකදී සැකකරුවන් පිස්තෝල දෙකක් ද සමග අත්අඩංගුවට ගත් බවයි.

කටාන, කඳවල ප්‍රදේශයේ පදිංචි සුරේෂ් ප්‍රියංකර ප්‍රනාන්දු නොහොත් බොබියා නැමති වයස අවුරුදු 32 ක පුද්ගලයෙකු මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර වැරදි අංක තහඩු යෙදූ යතුරුපැදියක් ද ඔහු භාරයේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත මහේෂ් මල්ලි නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ අනෙක් ගෝලයන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කට්ටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයෙක් සහ පන්නල, යක්විල ප්‍රදේශයේදී වයස අවුරුදු 48 ක පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...