කැනඩාවට පනින්න ගිය තරුණයා අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (10) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී , කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කැනඩාව වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු 24 හැවිරිදි යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජාතික තරුණයෙකි.

ඊයේ (10) රාත්‍රී 07.10 ට කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත්ව යාමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 217 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර, එහිදී ඔහු සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුළුව වෙත ඉදිරිපත් කළ කැනඩා රාජ්‍යයේ ගමන් බලපත්‍රය පිළිබඳ සැක සිතූ එම ගුවන් සේවා නිලධාරීන්, මොහු ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

එම පරීක්ෂා කිරීම් වලදී වෙනත් අයෙකු සතු කැනඩා ගමන් බලපත්‍රයක ජීව දත්ත පිටුවෙහි තොරතුරු ව්‍යාජ ලෙස වෙනස් කර මෙම ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කර ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇත.

මෙම කූඨ ගමන් බලපත්‍රය සකස් කිරීම සදහා මොහුගේ කැනඩාවේ වාසය කරන මාමා කෙනෙකු , ශ්‍රී ලංකා තැරැව්කරුවෙකුට රුපියල් හතලිස් ලක්ෂයක් ගෙවා ඇති බව ද මොහු ආගමන විගමන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇති අතර, මොහු මුළින්ම කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගොස් එතැන් සිට කැනඩාවට යාමට සැළසුම් කර මෙසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

ඒ අනුව මෙම තරුණයා අත්අඩංගුවට ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...