නවසීලන්ත දුම්වැටි තහනම සහ මාඕරි ජනයාගේ වැලපීම!

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
නවසීලන්තයේ නව රජය විසින් ලොව ප්‍රමුඛ පෙළේ දුම්කොළ නීති ඉවත් කරන බව නිවේදනය කළ අතර, විශේෂයෙන් එය මාඕරි ජනයාට දැඩි පහරක් විය.

නවසීලන්තයේ ආදිවාසී ප්‍රජාව අතර දුම්පානය වඩාත් ප්‍රචලිත අංඟයක් වී තිබිණි.

දුම්පානය සම්පූර්ණයෙන් අවසන් කිරීම ප්‍රථම වරට රටෙහි ආදර්ශය වූ අතර එම නිසා ගෝලීය වශයෙන් සෞඛ්‍ය උපදේශකයින් විසින් නවසීලන්තය ප්‍රශංසාවට ලක් විය.

2024 සිට, සිගරට් වල නිකොටින් මට්ටම් වලට ඇබ්බැහි නොවන මට්ටම දක්වා අඩු කර, දුම්කොළ විකිණීමට අවසර දී ඇති සිල්ලර වෙළෙන්දන්ගෙන් 90% ක් ඉවත් කර, 2008 න් පසු උපත ලද ඕනෑම කෙනෙකුට දුම්වැටි අලෙවිය තහනම් කිරීමෙන් “දුමෙන් තොර” පුරවැසි පරම්පරාවක් නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණ වී හමාරය.

පසුගිය වසරේ තෙරේසා බට්ලර් සහ ඇගේ හය හැවිරිදි දියණිය දේශපාලනඥයින්ගෙන් පිරුණු කාමරයක් ඉදිරිපිට වාඩි වී දුම්පානයට නීති පනවන ලෙස ඉල්ලා සිටි අතර එහිදී ඇය තම මවගේ මරණ සහතිකය ඉදිරිපත් කළාය.

මරණයට හේතුව; Emphysema, වසර 30කට වැඩි කාලයක් දුම්කොළ දුම්බීමේ ප්‍රතිඵලයක් විය.

එහිදී ඇය ඇයගේ ජීවිතය සහ දුම් භාවිතය පිළිබඳ ගෙන හැර දක්වමින් පැවසූයේ ඇය සිය ජීවිතයේ අවසාන වසර හත දුම්පානයට එරෙහි උපදේශකවරියක් ලෙස කටයුතු කර ඇත.

මේ දිනවල නවසීලන්තයේ වැඩිහිටි ජනගහනයෙන් 8% ක් පමණක් දෛනික දුම් පානය කරන්නන් වන අතර, එම සංඛ්‍යාව මාඕරිවරුන් අතර – 19.9% ට වඩා දෙගුණයකටත් වැඩි ය. මඕරි කාන්තාවන් අතර එය ඊටත් වඩා ඉහළ වන බව ද පෙන්වා දෙමින් රට තුළ දුම් භාවිතයට එරෙහිව හඬ නැඟීමට ඇය සමත් විය.

පසුගිය සතියේ රට පුරා නගරවල විරෝධතා වලදී දහස් ගණනක් වීදිවල විරෝධතා දැක්වූ අතර, දුමෙන් තොර පුරවැසි පරම්පරාවක් නිර්මාණය කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කළහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?