මහ කන්නයේ පොහොර වෙනුවෙන් රු. බිලියන 10ක්!

Date:

කොළඹ LNW: 2023 මහ කන්නයේ ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන 10ක් වෙන්කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ගොවීන්ට පොහොර මිල දී ගැනීම සදහා වෙන්කර ඇති රුපියල් බිලියන දහයෙන් බිලියන දෙකයි දශම තුනක් මේ වන විට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරන අතර එම මුදල් ගොවි ගිණුම්වලට බැර කිරීමට පියවර ගත් බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ එච් එම් එල් අබේරත්න මහතා කියාසිටියි.

ගොවීන් ලක්ෂ 12කගේ ගිණුම්වලට රුපියල් බිලියන පහක් මේ වසර අවසානයට පෙර ලබාදෙන අතර ඉතිරි රුපියල් බිලියන පහ ජනවාරි මාසය තුළ ගොවි ගිණුම් ගත කිරීමට නියමිතයි.

මේ අතර ගොවි ගිණුම්වල තොරතුරු ප්‍රධාන කාර්යාලයට ලබාදීමේ වගකීම කිසියම් නිලධාරියෙකු පැහැර හරින්නේ නම් ඔවුන්ට එරෙහිව කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම!

උපාලි කොළඹගේ කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත්...

රනිල්ගේ නඩුවෙන් නීති ලොක්කන් දෙදෙනෙක් ඉවත් වෙයි ?

විදෙස් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින්...

GMOA හෙට (07) රැස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW : රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...

වෙනිසියුලාවෙන් වහා පිටවෙනු – කොල්ලුපිටියේදී ඇමරිකාවට විරෝධය(PHOTOS)

කොළඹ LNW:එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එල්ල කරන ලද ප්‍රහාරය...