*
Monday, May 6, 2024
spot_img

Latest Posts

මහ කන්නයේ පොහොර වෙනුවෙන් රු. බිලියන 10ක්!

කොළඹ LNW: 2023 මහ කන්නයේ ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන 10ක් වෙන්කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ගොවීන්ට පොහොර මිල දී ගැනීම සදහා වෙන්කර ඇති රුපියල් බිලියන දහයෙන් බිලියන දෙකයි දශම තුනක් මේ වන විට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරන අතර එම මුදල් ගොවි ගිණුම්වලට බැර කිරීමට පියවර ගත් බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ එච් එම් එල් අබේරත්න මහතා කියාසිටියි.

ගොවීන් ලක්ෂ 12කගේ ගිණුම්වලට රුපියල් බිලියන පහක් මේ වසර අවසානයට පෙර ලබාදෙන අතර ඉතිරි රුපියල් බිලියන පහ ජනවාරි මාසය තුළ ගොවි ගිණුම් ගත කිරීමට නියමිතයි.

මේ අතර ගොවි ගිණුම්වල තොරතුරු ප්‍රධාන කාර්යාලයට ලබාදීමේ වගකීම කිසියම් නිලධාරියෙකු පැහැර හරින්නේ නම් ඔවුන්ට එරෙහිව කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan