කොළඹ LNW:ශ්‍රී ලංකාවට මාස 48ක විස්තීර්ණ ණය පහසුකම සැපයීම පිළිබඳ විධිවිධාන සම්බන්ධ පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව අද (12) රැස්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් බවට පත්වීමෙන් පසු පැමිණි එකඟතාවන්ට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය ආධාරයක් ලබාදීමට තීරණය කර තිබුණි.
එහි පළමු වාරිකය මීට පෙර හිමිව තිබූ අතර අද රැස්වන විධායක කමිටුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 330ක දෙවන ණය වාරිකය මුදා හැරීම පිළිබඳ තීරණයකට එළඹෙනු ඇති.
ඊයේ දිනයේදී වැට් බදු සංශෝධනය සම්මත වීමද මීට වාසිසහගත ලෙස බලපානු ඇත.
ASK