වැස්සෙන් වගාබිම් අක්කර දෙලක්ෂ අටසිය හතරකට හානි වෙද්දී වගා හානි වන්දි මුදලත් ඉහළට!

Date:

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත් වූ වගා බිම් සදහා ලබා දෙන වන්දි මුදල හෙක්ටයාරයකට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දමා තිබේ.

කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසන්නේ වගා හානි වූ ගොවිබිම් සම්බන්ධව තක්සේරු කටයුතු අවසන් වෙමින් තිබෙන බැවින් කඩිනමින් වන්දි ගෙවීමට හැකි වනු ඇති බවයි.

ගංවතුර තත්ත්වයට ගොදුරු වී වැලි පිරී තිබෙන කුඹුරුවලින් එම වැලි ඉවත් කර ගැනීම සදහා රාජ්‍ය ආයතනවල සහාය ලබා දීමටද නියමිතයි.

දැනට ලැබී ඇති තොරතුරු අනුව ජලගැලීම්වලින් හානියට පත්ව ඇති වගාබිම් ප්‍රමාණය අක්කර දෙලක්ෂ අටසිය හතරකි.

පසුගියදා ඇති වූ ජලගැලීම්වලින් වැඩිවශයෙන් හානි වූ දිස්ත්‍රික් පදනම් කරගනිමින් වගා හානි පිළිබඳ මූලික පරීක්ෂණ අවසන් කර වගාහානි වාර්තා කිරීම සඳහා ගොවිජනතාවට දින 14 ක කාලයක් ලබාදී තිබුණ අතර ඒ අනුව ගොවිජන සේවා මධ්‍යස්ථන වෙත ගොවිජනතාව එම තොරතුරු ලබාදී ඇත.

ඒ අනුව දැනට ගොවීන් එක්ලක්ෂ හාරසිය දාහතර දෙනෙකු තොරතුරු ලබාදී ඇති අතර වගාබිම් අක්කර දෙලක්ෂ අටසිය හතරකට හානි සිදුව ඇති බව ද සඳහන්.

ගොවීන් අදාළ රක්ෂණ වන්දි අයදුම්පත්‍රය භාරදීමෙන් පසු කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩල නිලධාරීන් යළි වගාබිම් වෙත ගොස් පරීක්ෂා කිරීමෙන් පසු වන්දි මුදල් නිදහස් කෙරෙනු ඇති.

මේ අතර වී ,බඩඉරිගු ,ලොකුළූණු,අර්ථාපල් ,මිරිස් සහ සෝයා යන බෝග 6 සඳහා රක්ෂණ වන්දි ලබාදීමට තීරණය කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...

නාසා හි Curiosity Rover මවන අඟහරුගේ විශ්මයජනක දර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා හි...