දවසේ එකම ජය වාර්තාගත ලකුණු පූවරුවක් සමඟ යාපනයට

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 13 ,(LNW) කොළඹ :

එල්පීඑල් පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලියේ දෙවන දවසත් වැසි දියට වැඩි වාසි අත්වෙමින් එක තරගයක පමණක් තීරණයක් ලැබෙමින් අවසන් වුණා.තීරණය ලද එකම තරගයේදී ජැෆ්නා ටයිටන් කණ්ඩායම ලකුණු 40 දැවන්ත ජයක් වාර්තා කරන්නට සමත් වුණා.ඔවුන් ඉදිරයේ පරාජයට පත් වුණේ කොළඹ ජගුවර්ස් කණ්ඩායමයි.


පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කණ්ඩායමට තරගයේ දෙවන ඕවරයේදී පළමු තරගය ජය ගැනීම සඳහා වූ සුවිශේෂී ඉණිම ක්‍රීඩා කළ කැඩ්මෝර්ගේ කඩුල්ල අහිමි වෙනවා.එහෙත් එතැන් පටන් මේ තරගාවලියේ මේ දක්වා වාර්තා වූ ඉහළම ලකුණු ප්‍රමාණයට ජැෆ්නා කණ්ඩායම රැඟෙන යාමට මඟ පෑදු චරිත් අසලංක (56) සහ කුසල් මෙණ්ඩිස් (37) දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 ක සබඳතාවයක් ඇති කරනවා.
චරිත්ගේ ඉණිමට පන්දු විසි හතරකදී හයේ සහ හතරේ පහර පහ බැඟීන් ඇතුළත් වෙනවා. කුසල් පන්දු 19 දී එක් හයේ පහරක් සහ හතරේ පහර හතරක් එල්ල කරන්නට සමත් වෙනවා.අන් පිතිකරුවන්ට විශාල ලකුණු ප්‍රමාණයන් කරා යාමට නොහැකි වුවත්,එම සුළු දායකත්වයන් සමඟ චරිත් නවවන ඕවරයේ තෙවන පන්දුව තෙක් කඩුල්ලේ සිට මුළු ලකුණු පූවරුව ඒ වන විට 120 දක්වා ගෙන ඒමට දායකවීම නිසා සමස්ත ලකුණු පූවරුව කඩුලු 5 ට 138 දක්වා ඉහළ දමා ගන්නට ජැෆ්නා කණ්ඩායමට හැකි වුණා.


පන්දු යැවීමේදී නායක ඇන්ජලෝ මැතිවිස් ලකුණු 22 ට සහ අලි ඛාන් ලකුණු 20 කඩුලු දෙක බැඟීන් ලබා ගැනීමට සමත් වුණා.කොළඹ පන්දු යැවිම එසේ වුව ද,පිතිකරණයට එල්ල වූ ලකුණු 139 ක් රැස් කිරීමේ ඉලක්කයට මුහුණ දෙන්නට කොළඹ කණ්ඩායමට හැකි වුණේ නැහැ.පන්දු ඕවර් 10 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 98 ක් පමණක් රැස් කළ කොළඹ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කළ ඩේවිඩ් ලෝරන්ස් ලකුණු 28 ක් රැස් කරන්නට සමත් වුණා.


ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් යළිත් ක්‍රියාත්මක වූ ට්‍රෙවින් මැතිවිස් ලකුණු 18 ට කඩුලු 3 ක් දවා ගනිමින් මෙම තරගාවලියේ මේ වන විට සාර්ථකම පන්දු යවන්නා ලෙස කඩුලු එකතුව 7 දක්වා ඉහළ නංවා ගත්තා.කඩුල්ල වෙත ඉලක්ක කර පන්දු යැවූ ට්‍රෙවීන් තරගයේ දවා ගත් කඩුලු 3 ම කඩුල්ලේ පන්දුව දැවටෙන්නට සළස්වා දවා ගත් කඩුලු 3 ක් ලෙස වාර්තා වුණා.මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් බිහි වූ ලොව සුපිරිම දඟ පන්දු යවන්නා වන මුරලිදරන්ගේ අඩි පාරේ වත්මන් අන්තෝනිය බිහිකළ ට්‍රෙවින්, මේ වන විට පළමු පෙළ තරගාවලියට බ්ලූම්ෆිල්ඩ් කණ්ඩායම නියෝජනය කරන,තවමත් විසි හැවිරිදි වියේ පසුවන අනාගතයට වටිනාකමක් ඇති දකුණත් පිට දඟ පන්දු යවන්නෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...