පෝට් සිටි කොමිසමට සාමාජිකයින් පත් කරයි. සභාපති හර්ෂ අමරසේකර

0
722

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කර තිබේ.

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් මෙම පත්වීම් සිදුකර ඇති අතර ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් කොමිසමේ සාමාජිකයින් වෙත අද (13) ජනාධිපති කාර්යාලයේදී පිරිනමනු ලැබිණි.

ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා පත් කර ඇත.

එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ ඩේමියන් අමල් කබ්රාල්, මොහාන් රේ අබේවර්ධන, සංජය කුලතුංග සහ ආචාර්ය හර්ෂ සුබසිංහ යන මහත්වරුන් ය.