රනිල්ට ඕනෑ ගැටුමක් ඇතිකර ගන්නයි. අපි ඒකට අහුවෙන්නෙ නෑ – අනුර (VIDEO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ සමග ගැටුමක් ඇතිකර ගැනීමට වන නමුත් තමන් එම උපක්‍රමයට හසු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“මේ ඇති වී තිබෙන අර්බුදයෙන් ඒගොල්ලොන්ට කිසිසේත්ම ගොඩ එන්න බෑ, තව මේක තීව්‍ර වෙනවා. මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් ජනතාවට අවස්ථාවක් දීලා ජනතාව කැමති ආණ්ඩුවක් තෝරාගන්න දෙන්න ඕනෙ. එතකොට ජනතාව මේ අර්බුදයෙන් ගොඩ එන්න තමයි ඒ ආණ්ඩුව තෝරාගන්නෙ, එතකොට ජනතාව ඒ ආණ්ඩුවට සහාය දෙනවා, අවස්ථාවක් දෙනවා. ඊට උඩින් අටවා ගන්නා ලද ආණ්ඩුවකට මේ ප්‍රශ්නය විසඳන්න බෑ. ඒ නිසා ප්‍රශ්නෙ විසඳලා අපේ දේශපාලනය අහෝසි කරන්න බෑ ඒගොල්ලන්ට. මොකද ප්‍රශ්නෙ විසඳන්නෙ නැති නිසා. දෙක, අර පැරණි වගේ වැඩකට යන්න පුළුවන්ද ? දැන් එයාත් කියනවානෙ එයා හිට්ලර් වගේ කියලා. එයා කැමති ප්‍රචණ්ඩත්වයක් ඇති කරගන්න. ගැටුමක් ඇති කරගන්න ඕනෙ එයාට. ඒ නිසා තමයි පාරට බැස්සොත් බලාගෙනයි, ආවොත් බලාගෙනයි කිය කියා අපිව කැඳවනවා. අපි ඒකට අහුවෙන්නෙ නෑ. අපි යන්නෙ නෑ එයාත් එක්ක කඩු හරඹෙට. එයාට ඕක කරකවා කරකවා ඉඳලා බඩ කපාගන්න පුළුවන් තව ටික දවසකින්”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (12) ඉතාලියේ මිලානෝ නුවර පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...