හොරාකාපු, රට විනාශ කරපු සියලුම දෙනා අධිකරණය හමුවට ගේනවා – විපක්ෂ නායක සජිත්

Date:

රටේ ජනතා මුදල් සොරාගත් සියලුම දෙනාම අනිවාර්යයෙන්ම අධිකරණය හමුවට පමුණුවා එසේ සොරාකන ලද මුදල් නැවත ජනතා අයිතියට පත්කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

“උනුත් එකයි මුනුත් එකයි කියන උනුත් එකයි කියන කණ්ඩායම් අද දැවැන්ත කුමන්ත්‍රණයක නියැළිලා සිටිනවා සමගි ජන බලවේගය විනාශ කරන්න. මම එකක් කියන්න කැමතියි, රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස ජීවතුන් අතර සිටිනකල් සමගි ජන බලවේගයට අත තියන්න කිසිකෙනෙකුට දෙන්නෙ නෑ. මම ඒ නිවටයින්ට අභියෝගයක් කරනවා. පුළුවන් නම් සමගි ජන බලවේගය පරාජය කරන්න. ඒකට හොඳම තැන මන්දිරවල ඉඳගෙන කරන කුමන්ත්‍රණ නෙවෙයි, මහපාරට බහින්න. රටේ ජනතාවත් එක්ක එක්කහු වෙලා පුළුවන් නම් සජබ පරාජය කරන්න. ඒ අයට ඒක කරන්න බෑ …

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නට ඕනෙ. එය කළයුතු දෙයක්. හැබැයි අපි ඒ දෙය කරන්නේ ඒවායේ සිටින සේවක ප්‍රජාව බෙල්ලෙන් අල්ලලා එළියට විසි කිරීමෙන් නෙවෙයි. දූෂණය පිටුදකින්නට අපි අනිවාර්යයෙන්ම ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මේ රටේ හොරාකාපු, මේ රට විනාශ කරපු සෑම දෙනාම වාදභේද නොතකා අධිකරණය හමුවට ගෙනැවිල්ලා, ඒ හොරාකාපු සල්ලි මේ රටේ ලක්ෂ 220කගේ අයිතියට පත්කරනවාය කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා”

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පෙරේදා (11) පැවති සජබ වාර්ෂික සම්මේලනය අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...