*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

G7 බලවතුන් යුක්රේනයේ හදිසි ආරක්ෂක අවශ්‍යතාවයන් සැපයීමට එකඟ වේ.

රුසියානු මිසයිල, කාලතුවක්කු සහ ඩ්‍රෝන යානා නැගෙනහිර සහ දකුණු යුක්රේනයේ ඉලක්ක වෙත පහර දීම හේතුවෙන් කියෙව්හි මිලිටරි හැකියාවන් වැඩි කිරීමට නවීන ටැංකි, කාලතුවක්කු සහ දිගු දුර ආයුධ ලබා දෙන ලෙස යුක්රේන ජනාධිපති විසින් G7 ගෝලීය ආර්ථික බලවතුන්ගෙන් කරන ලද ඉල්ලීමට ඔවුන් සිය එකඟත්වය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.


ඒ අනුව යමින් යුක්රේනය සඳහා මිලිටරි ආධාර ලබා දීම වෙනුවෙන් භාවිතා කරන අරමුදලට තවත් යුරෝ බිලියන 2ක් (ඩොලර් බිලියන 2.1ක්) ලබා දෙනු ඇත. ඉදිරියේදී මෙම මුදල තවත් වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.


යුක්රේන ජනාධිපති සෙ‌ලෙන්ස්කි ප්‍රකාශ කර තිබුණේ විදුලිය නොමැති වීමත් සමඟ Kyiv කලාපය මෙන්ම බටහිර යුක්රේනයේ කලාප හතරක් සහ රට මධ්‍යයේ Dnipropetrovsk කලාපයයන්හි ජීවත් වීමට නොහැකි ඉතා දුෂ්කර තත්වයක් ඇතිවී ඇති බවයි. මේ වන විට මිලියන 1.5 ක පමණ ජනතාවකට විදුලිය සෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින නමුත් තත්වය දුෂ්කරව පවතින බව ජාතික ජාල ක්‍රියාකරු යුක්‍රෙනර්ගෝ ඊයේ (12) දිනයේදී නිවේදනය කර තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා G7 නායකයන්ගෙන් දරුණු බලශක්ති හිඟය හේතුවෙන් කියෙව් වෙනුවෙන් අමතර ස්වාභාවික වායු ඝන මීටර් බිලියන 2 ක් ලබා ගැනීමට ද සහය අපේක්ෂා කර තිබිණි.

මේ සම්බන්ධයෙන් නෝර්වීජියානු සරණාගත කවුන්සිලයේ ප්රධානී Jan Egeland රොයිටර් පුවත් ඒජන්සිය වෙත පවසා තිබුණේ ශීත ඍතුවේ දී තවත් යුක්රේනියානු සරණාගතයින් ලක්ෂ ගණනක් යුරෝපයට යැවීමට ඉඩ ඇති බවයි. එමෙන්ම ජාතීන්ගේ සංවිධානය වාර්තා කර තිබුණේ මිලියන 18 ක ජනතාවක් හෝ යුක්රේනයේ ජනගහනයෙන් සියයට 40 ක් ආධාර මත යැපෙන අතර තවත් මිලියන 7.8 ක් යුරෝපයේ අනෙකුත් ප්‍රදේශවලට රට හැර ගොස් ඇති බවයි.

සශිකලා මධුෂාණී_OBT

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan