දැන් මහ බැංකුව තුළත් මර්දනය ක්‍රියාත්මකයි?

Date:

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලුම වෘත්තීය සමිති, මහ බැංකු අධිපතිවරයකු දැඩිව විවේචනය කරමින් නිකුත් කළ විවෘත ලිපියක් පිළිබඳව අපි මීට ඉහත තොරතුරු වාර්තා කළෙමු.

මෙම ලිපිය නිකුත් කර තිබුණේ ඉකුත් දෙසැම්බර් 01 වන දින වන අතර, එම ලිපිය බෙදා හැරීම මහ බැංකු සේවකයන් 200 දෙනෙකුගේ පමණ මැදිහත් වීමෙන් සිදුවිය.

දැන් වාර්තා වන අන්දමට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එරෙහිව මහ බැංකුව විසින් දැඩි මර්දනකාරී ක්‍රියා පිළිවෙතක් ආරම්භකර ඇති බව පෙනෙන්නට තිබේ.

මෙම ලිපියට ප්‍රතිචාර වශයෙන් පහත දක්වා ඇති ලිපිය මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් සියලුම වෘත්තිය සමිති නායකයන් වෙත එවා ඇත.

මෙම ලිපියේ දැක්වෙන ආකාරයට, මහ බැංකු වෘත්තීය සමිති විසින් එක්ව බෙදා හැරි ලිපියට අදාළව, මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් එකී වෘත්තීය සමිති සිදුකර ඇති ප්‍රකාශවලට තමා එකඟ නොවන්නේ නම් එම එකඟ නොවීම 2022 දෙසැම්බර් 15 වන දින හෝ ඊට ප්‍රථම මහ බැංකුවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දන්වා එවීමට සේවකයන් කටයුතු කළ යුතුය.

එමෙන්ම උක්ත වෘත්තීය සමිතිවල ප්‍රකාශයන්ට එකඟ නොවන බවට එලෙස ලිඛිත වශයෙන් ප්‍රකාශයක් ලබා දීමට මහ බැංකු සේවකයන් 2022 දෙසැම්බර් 15 වන දින හෝ ඊට පෙර අසමත් වන්නේ නම්, එම ප්‍රකාශවල වගකීම ඒ සෑම සේවකයකුම භාරගත යුතු බව ද මෙම ලිපිය හරහා හඟවා තිබේ.

මෙය මහ බැංකු සේවකයන්ට සිදුකරන විවෘත තර්ජනයක ස්වභාවයක් ගන්නා බව ලිපිය කියවූ සැනින් අවබෝධ වේ.

මෙම ලිපියේ අඩංගු කරුණු මත පැහැදිලිව පෙනී යන්නේ සිය මහ බැංකු සේවා කාලය තුල සිදුකල වැරදි යලි මතක් කර දුන් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් 75 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට මහ බැංකු අධිපති සැරසෙන බවය.

මෙකී පසුබිම තුළ, සියලුම මහබැංකු සේවකයන් අතිශයෙන් කැළඹී ඇති අතර විශාල විරෝධ රැල්ලක් මහ බැංකුව තුළ දැන් හටගෙන ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

නුදුරු අනාගතයේ දී විශාල වෘත්තිමය පිපිරීමක් මහ බැංකුව තුළ සිදු වන්නට ඉඩ ඇති බවට ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන අතර වත්මන් මහ බැංකු අධිපතිවරයා මේ සූදානම් වන්නේ මර්දනකාරී ක්‍රියා පිළිවෙතකට ද යන්න LNW අපි විමසිල්ලෙන් පසුවෙමු.

සබැඳි පුවත්: https://sinhala.lankanewsweb.net/12/01/35759/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...