රට අතිශයින්ම තීරණාත්මක අවධියක් පසුකරමින් සිටින බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.
“ඒක හරියටම හරි. ඒ සමඟ රට යන දිශාව තීරණය කරන්න වෙනවා. අපට විකල්ප නැති බව ඇතැම් නායකයන් කියනවා. ‘‘නෝ ඔප්ෂන්’’ කියනවා. මේවා කියනවිට යම් චකිතයක් දැනෙනවා. කවුරු වුණත් ‘‘නෝ ඔප්ෂන්’’ තැනකට වැටුණොත් නැවත ගොඩ එන්න අමාරුයි. එහෙම වුවොත් ඕනෑම දුකක් විඳින තැනකට තල්ලු වෙනවා.”
“2005 දී 2006 දී ඔය කතාවම කිව්වා. සාම මාර්ගය හැරෙන්නට වෙනත් විකල්ප නැති බවට අදහස් පළවුණා. එහෙත් ඒ කතාව නොපිළිගත් නායකයන් එදා සිටියා. ඒ අය වෙනත් විකල්පයකට ගියා. ඒ නිසා රට නිදහස් වුණා. එසේ නොවුණා නම් අද මේ රට තිබෙන්නේ වෙනස්ම තත්ත්වයක. එවැනි නිර්භීත තීරණයක් ගතයුතු තැනකට අද රට පැමිණ තිබෙනවා. ‘‘නෝ ඔප්ෂන්’’ කතාව අනුව ගියොත් ඉදිරියේදී ඉතා දරුණු ප්‍රතිඵලවලට මූණ දෙන්නට වෙනවා. යම් හෙයකින් වෙනත් ගමනක් යන්නට ඕන කියල තීරණයක් ගෙන කටයුතු කළොත් රටට අනාගතයක් තිබෙවි.”
රෂිකා හෙන්නායක