වසරේ සුපිරිම වොලිබෝල් කිරුළු දරන්නේ කවුද? තීරණය 24 දා

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):

මංචි සුපර් ලීග් වොලිබෝල් තරගාවලියේ කාන්තා සහ පිරිමි සූරතාවයන් තීරණය කරන අවසාන තරග දෙසැම්බර් 24 වන දින මහරගගම ජාතික තරුණ සේවා සභාවේදී පැවත්වීමට නියමිතයි.එහිදී කාන්තා අංශයේ අවසාන තරගය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව තරග වඳින අතර පිරිමි අවසාන තරගයේදී ප්‍රතිවාදීන් හැටියට මුණ ගැසෙන්නේ යුද හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩල කණ්ඩායමයි.

විදුලි බල කණ්ඩායම

කාන්තා තරගාවලියේ තෙවන ස්ථානය මේ වන විට තීරණය වී අවසන් අතර එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවට එරෙහිව වට 3-0 ක් ලෙස ජයග්‍රහණය කළ හයිඩ්‍රාමනී ආයතනය තෙවන ස්ථානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.කලෙකට පසුව ජාතික වොලිබෝල් පිටියේ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් අවසාන කණ්ඩායම් හතර අතරට පැමිණි ශ්‍රී ලංකා පොලිසියේ පිරිමි කණ්ඩායම අවසාන පූර්ව තරගයේදී වට 3-0 ක් ලෙස විදුලි බල මණ්ඩල කණ්ඩායම හමුවේ පරාජය ලැබුවා.එහෙත් පොලිසියට අවසාන තරග පැවත්වෙන දිනම යුද හමුදාව වෙතින් වට 3.0 ක පරාජයක් අවසාන පූර්ව තරගයේදී අත් කර ගත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම හමුවීමට සිඳු වෙනවා.ඒ 24 වන දින පෙරවරුවේ පැවත්වෙන තරගාවලියේ තෙවන ස්ථානය තීරණය කරන අවසාන තරගයට මුහුණ දීමටයි.

යුද හමුදා කණ්ඩායම

දෙසැම්බර් 24 වන දින පස්වරු 1.00 ට කාන්තා අවසාන තරගයත්,පස්වරු 3.00 ට පිරිමි අවසාන තරගයත් පැවත්වීමට නියමිතව තිබෙනවා.මෙම කණ්ඩායම් හතරම සිය උපරිමය මේ අවසන් තරග සඳහා දීමට නියමිත අතර ඒ 24 දා පවත්වන්නේ වසරේ ඉහළම ජයග්‍රහණය ජාතික මට්ටමෙන් තීරණය වන තීරණාත්මක අවසන් තරග වන නිසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...