සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලොන්ග්ගෙන් ලිපියක් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව  අතර පවතින දේශපාලන, ආර්ථික සහ සමාජීය සබඳතා ශක්තිමත් කර ගැනීමට තමා කැපවී සිටින බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලොන්ග් මහතා පවසයි.

පසුගිය අගෝස්තු මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිංගප්පූරුවේ සිදු කළ නිල සංචාරය අතරතුර පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡා අගය කරමින් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇති බව සඳහන් වේ.

සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ,
දෙරට අතර පැවති ඵලදායී සාකච්ඡාවල සාධනීය ප්‍රතිඵල පිළිබඳව සිය අවංක කෘතඥතාව පළ කර ඇති අග්‍රාමාත්‍ය ලී සියෙන් ලොන්ග් මහතා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇති කැපවීම තවදුරටත් සහතික කරමින් නුදුරේදීම ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවසානයට අප්‍රිකානු සහ ආසියානු මහද්වීප

ක්‍රිකට් අප්‍රිකානු මහද්විපයට සහ ආසියානු මහද්වීපයට ලැබෙන්නේ යටත්විජිත භාවයේ...

පද්මේගේ ගෝලයෝ 3ක් පොලිස් දැලේ!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ හා මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන...

Browns EV – HNB හවුල්කාරීත්වයෙන් විදුලි වාහන සඳහා සුවිශේෂී ලීසිං පහසුකම්

සටහන - රුවන් නෙළුගොල්ල Browns EV සමාගම මගින් ආනයනය කරන...