IMF දෙවන වාරිකය නිදහස් කරයි. සංචිත ඉලක්කයේත් වෙනසක් !

Date:

ඊයේ (දෙසැම්බර් 12) දින පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාව හා අදාළ ස්ථායිකරණ වැඩ පිළිවෙලේ ප්‍රගතිය පිළිබඳ පළමු සමාලෝචනය අවසන් කරමින් ඩොලර් මිලියන 337ක් වන දෙවන වාරිකය නිදහස් කර තිබෙනවා.

මෙම සමාලෝචනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය විසින් ණය තිරසාරත්වය නැවත ඇති කිරීම, රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම, විදේශ සංචිත වර්ධනය කරගැනීම, උද්ධමනය පහත හෙළීම හා මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීම සම්බන්ධව බලධාරීන් විසින් සිදු කර ඇති කාර්ය භාරය අගය කර තිබෙනවා. එමෙන්ම, ශ්‍රී ලංකාව අරමුදලේ ක්‍රමවේද අනුගමනය කරමින් රාජ්‍ය පාලනයේ අඩුපාඩු හඳුනා ගෙන වාර්තාවක් නිකුත් කර ඇති (Governance diagnostic report) පළමු ආසියාතික රට බවට පත් වීම ගැනද විශේෂයෙන් සඳහන් කර තිබෙනවා.

අරමුදලේ නිවේදනය අනුව වර්ෂාවසාන සංචිත ඉලක්කය ලෙස සටහන්ව ඇත්තේ ඩොලර් මිලියන 3,806ක මුදලක්. මෙම මුදල මුල් ඉලක්කය වූ ඩොලර් මිලියන 4,431ට වඩා අඩු, අපහසුවකින් තොරව ලඟා කර ගත හැකි ඉලක්කයක්. නොවැම්බර් මාසය අවසානයේදී පැවති නිල විදේශ සංචිත ප්‍රමාණය වූ ඩොලර් මිලියන 3,584ට අරමුදලේ ඩොලර් මිලියන 337ක මුදල එකතු වූ විට ඉහත ඉලක්කය පහසුවෙන්ම ඉක්මවා යනවා.

~ ඉකොනොමැට්ටා

https://www.imf.org/en/News/Articles/2023/12/12/pr23439-sri-lanka-imf-executive-board-completes-first-review-under-eff-arrangement?fbclid=IwAR3RotZv-8RIbHFFMkz79s3JbqcrlzMo4oi0JqiOIlKLfy1qiQZttBkGmVc

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...