ඊශ්‍රායල – හමාස් සටන් විරාම යෝජනාව මහා මණ්ඩලයේදී සම්මත වෙයි!

Date:

කොළඹ LNW:ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ආරම්භ කළ යුතු බවට වන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ දී සම්මත කර තිබේ.

යෝජනාවට අදාළව ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර යෝජනාවට පක්ෂව ඡන්ද 153ක් හිමිව ඇත.

යෝජනාවට විරුද්ධව ඡන්ද 10ක් භාවිතා කර ඇති අතර බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 23ක් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටින ලදී..

පසුගිය ඔක්තෝබර් 7 වනදා ආරම්භ වු ගැටුම්වලින් මේ වන විට පලස්තීන වැසියන් 18500කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති අතර ඉන් 70%ක පමණ සංඛ්‍යාවක් කාන්තාවන් හා කුඩා ළමුන් බව සදහන්.

එමෙන්ම ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් තුවාල ලැබු පලස්තීන වැසියන් සංඛ්‍යාව 50000කට අධික බව හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මීට පෙර කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් සටන් විරාමයක් ක්‍රියාත්මක වූ නමුත් හමාස් සංවිධානය විසින් කොන්දේසි කඩකළ බවට චෝදනා කරමින් ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය.

ගැටුම් හේතුවෙන් උතුරු ගාසා තිරයේ ඇති බහුතරයක් සාගින්නෙන් පෙළෙන බවද විදෙස් වාර්තා පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...