අනුර සහ ස්විට්සර්ලන්ත තානාපතිනිය අතර හමුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි සිරි වෝල්ට් සහ ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා  අතර හමුවක් අද (13) පස්වරුවේ පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මෙම හමුව සඳහා තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පළමු ලේකම් ජස්ටින් බොයිලට් සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත්ද එක්ව සිටියහ.

මේ වන විට රට තුළ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය මෙහිදී දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ආණ්ඩුව විසින් ජනතාව මත පටවමින් ඇති අධික බදු බර හමුවේ ජනතාව පත්වී ඇති පීඩාකාරී තත්වය ජාතික ජන බලවේගය විසින් පෙන්වා දෙන ලදී. එමෙන්ම ආණ්ඩුව විසින් මැතිවරණ කල්දමා ජනතාවගේ ඡන්ද අයිතිය පැහැර ගැනීම පිළිබඳවද මෙහිදී ජාතික ජන බලවේගය කරුණු දැක්වීම සිදුවිය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...