පළමු පෙළ සීමිත පන්දුවාර තරගාවලිය අද ඇරඹේ

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන පන්දු වාර 50 මුල් පෙළ තරගාවලිය අද ආරම්භ වීමට නියමිතයි.කණ්ඩායම් 22 ක් සහභාගි වන මෙම තරගාවලියට මේ මොහොතේ ඇති විශාලතම අභියෝගය වී ඇත්තේ රට පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වයයි.


පළමු පෙළ සිව්දින තරගාවලියේ ප්‍රතිපල සඳහාද එම තත්ත්වය තදින් බල පෑ අතර අවසාන තරගයද නිමා වුණේ වර්ෂාවේ බලපෑම් මත නිමා නොවුණු තරගයක් ලෙස එස්එස්සී සහ පොලිස් කන්ඩායම්වලට සම සූරතා හිමි කර දෙමින්.එම තරගාවලියේ දී ප්‍රධාන ක්‍රීඩා සමාජ තරගාවලියෙන් පසුබසින කණ්ඩායම් ඉවත් කිරීමේ සම්ප්‍රදාය යටතේ ඉවත් වූ කණ්ඩායම්වලට ද වර්ෂාව බල පෑ අතර ඒ නිසා සම්පූර්ණ තරග නිමාවකට යාමට නොහැකි වී ප්‍රතිපලයක් නොමැතිව අවසන් වීම ද පහතට වැටුණු සහ ඉවත් කරන්නට යෙදුණු කණ්ඩායම් එම ඉරණම කරා පැමිණීමට හේතු වුණා.


අද දවසේ දී කොළඹ නගරය ආශ්‍රිතවත්,කටුනායක,කුරුණෑගල සහ කළුතර (මග්ගොන) ප්‍රදේශවලත් පැවත්වෙන තරග 10 ක් සමඟින් ආරම්භ වන මෙම තරගාවලිය ජනවාරි 16 වන දින දක්වා පැවත්වීමට නියමිතව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...