අනුර සහ ස්විට්සර්ලන්ත තානාපතිනිය අතර හමුවක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි සිරි වෝල්ට් සහ ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා  අතර හමුවක් අද (13) පස්වරුවේ පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මෙම හමුව සඳහා තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පළමු ලේකම් ජස්ටින් බොයිලට් සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත්ද එක්ව සිටියහ.

මේ වන විට රට තුළ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය මෙහිදී දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ආණ්ඩුව විසින් ජනතාව මත පටවමින් ඇති අධික බදු බර හමුවේ ජනතාව පත්වී ඇති පීඩාකාරී තත්වය ජාතික ජන බලවේගය විසින් පෙන්වා දෙන ලදී. එමෙන්ම ආණ්ඩුව විසින් මැතිවරණ කල්දමා ජනතාවගේ ඡන්ද අයිතිය පැහැර ගැනීම පිළිබඳවද මෙහිදී ජාතික ජන බලවේගය කරුණු දැක්වීම සිදුවිය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...