සටහන පාදකය – Adolf: වත්මන් රජය පෞද්ගලික අංශයේ කළමනාකරුවන් කඩිමුඩියේ රජයේ ප්‍රධාන තනතුරුවලට පත් කරමින් සිටින්නේ ඔවුන් පිළිබඳව ප්‍රමාණවත් පරීක්ෂාවකින් තොරවය. කථානායකවරයා සම්බන්ධ මෑත කාලීන ව්‍යසනය මේ වනවිට ආන්ඩුවේ විශ්වසනීයත්වයේ පදනමටම අභියෝගයක් ව හමාරය. විශේෂයෙන්ම හිතූ මනාපෙට පුද්ගලයන් පත් කිරීම මඟින් වගවීම සහ මහජන විශ්වාසය යන මූලධර්මවලට පටහැහිව රජය ක්‍රියා කරන බව ගම්‍ය වෙමින් පවතී . මෙම ප්‍රවේශය ආයතනික වශයෙන් මහජන විශ්වාසය බිඳ දමයි, අකාර්යක්ෂමතාව මෙන්ම බලය අනිසි ලෙස භාවිතා කිරීම ද සිඳු කරයි.
බදු උපදේශන පරිචයක් පවත්වාගෙන යන අතරම ප්රමුඛ ව්‍යාපාරිකයෙක් වන අයෙක් මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම මෙන්ම, දේපළ වෙළඳාම් සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා රජයේ දේපළ ව්‍යවසායක සභාපතිවරයා ලෙස පත් කර ඇති අතර, ගුවන් සේවා ක්ෂේත්රයේ ව්‍යාපාරික අධ්යක්ෂවරයකු දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම ආදිය ඊට නිදසුනක් ලෙස දැක්විය හැකිය. මෙම පුද්ගලයන් තම පෞද්ගලික අංශයේ සිය භූමිකාවන් අත්හැර ස්වාධීනව කටයුතු කරන්නේ නම් එවැනි පත්වීම් පිළිගත හැකි ය.
කෙසේ වෙතත්, අදාළ පෞද්ගලික වත්කම් වල ලාභ ප්‍රයෝජන ගනිමින් රජයෙන්ද ලාභ ප්‍රයෝජන තකා මෙලෙස සිටීම කනස්සල්ලට කරුණකි. මෙම පත් කරන ලද සමහරක් ඔවුන්ගේ මිතුරන් සහ ඇදෑනුන්කමට සිටින අයවලුන් ප්‍රධාන තනතුරු සඳහා නිර්දේශ කිරීමට ද අවසර දී ඇත. මේවැනි ක්‍රියා තවත් මිනිස්සුන්ගේ විශ්වසනීයත්වයට කැළලක් ඇති කරනු ඇත.
පුද්ගලික, මූල්‍ය හෝ වෙනත් අවශ්‍යතා මත මහජන අවශ්‍යතා සඳහා අපක්ෂපාතී තීරණ ගැනීමට පුද්ගලයෙකුට ඇති හැකියාව ගැන සොයා බැලීමේදී ගැටලු පිට ගැටලු පැනනගී. මෙවැනි අවස්ථා ගැටුම්කාරී පුද්ගලයන් බිහි කිරීම, තීරණවලට වඩා පෞද්ගලික අවශ්‍යතාවලට බලපෑම් කිරීමේ සැලකිය යුතු අවදානමක් නිර්මාණය කරයි. එපමණක් නොව එමඟින් ආයතනික නීත්‍යානුකූලභාවය අඩපණ කරන අතර ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම් වර්ධනය සහ සමාජ සාධාරණත්වය වැනි තීරණාත්මක ක්ෂේත්රවල නැඟීමට මහත් බාධා පමුණුවනු ඇත.