අධ්‍යාපනය කියන්නේ ඇත්තටම අත්තටුද ?

Date:

ලංකාව වගේ රටක් ඇතුලේ අධ්‍යාපනය කියන්නේ අත්තටු නෙමේ.. මේක ඇතුලේ අධ්‍යාපනය කියන්නේ තමන්ගේ තැන හදාගන්න බලුපොරයක් ඇතුලේ යන ආත්මාර්තකාමී ගේම් එකක්..

ජ.වි.පෙ. මුල ඉඳලම හිටියේ සිස්ටම් චේන්ජ් එකක් එක්ක මිසක් සිස්ටම් එක ඇතුලෙම තියෙන ඇකඩමික් අත්තටු පැත්තෙ නෙමේ.. විජේවීර කියන්නෙත් වෛද්‍ය උපාධිය අතර මග අතහැරලා දේශපාලන කරපු මිනිහෙක්..

අධ්‍යාපනය අත් තටු නම් අපරාදේ නිස්මිලා, බාලේලා, වෙනුරලා ඇකඩමික් කොලිපිකේෂන් පැත්තකට දාලා දේශපාලනය කරේ… පරමාදර්ශී දේශපාලනයක් නොකර උන් ඔය කියන ඊනියා අත්තටු පස්සෙ ගියානම් අපරාදේ උන් අදත් ජීවතුන් අතර..

1994 වෙනකම්ම ජ.වි.පෙ. ට ඔය ඇකඩමික් ලෙඩේ තිබ්බෙ නෑ..94 ත් ජ.වි.පෙ. තමන්ගේ දේශපාලන මන්ඩලය හදාගන්න කොට ඒකෙත් ආචාර්ය තියා උපාධිකාරයෙක්වත් හිටියෙ නෑ.. සෝමවංශට, ටිල්වින්ට, ඕපාතට, වීරවංශට, ලාල්ට, කුමාර්ට ඔය කාටවත් උපාධි තිබ්බෙ නෑ.. කුමාරුත් ෆැකල්ටියේ හිටියා මිසක් අදටත් ඩිග්‍රිය කොම්ප්ලීට් කරලා නෑ..

ජ.වි.පෙ.ට ඔය ඇකඩමික් ලෙඩේ හැදුනේ මෑතකදි.. ඒකෙන් උනේ උගත්කම දේශපාලනය ඇතුලේ බොරු ආභරණයක් උන එක.. අන්තිමේදී රංවලවගේ අය මේකට අහුවෙලා බොරු උගත් අත් තටු හයිකරගත්තා..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...