වැස්සෙන් ලකුණු සටහන විකෘති වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 14 ,(LNW)කොළඹ :


ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පන්දු ඕවර් 10 තරගාවලියේ තෙවන දිනය පළමු දින දෙකටම වඩා වර්ෂාව බාධා කළ දිනයක් විය.ඒ නිසා එදිනට පැවත්වීමට නියමිතව තිබුණු තරග තුනම කිසිඳු තරගයක් නොපවත්වා අත් හැර දැමීමට සිඳු විය.මේ නිසා කණ්ඩායම්වල ලකුණු සටහන යම් විකෘති හැඩයක් සහ කණ්ඩායම්වලට යම් අසාධාරණ තත්ත්වයක් නිර්මාණය කරන තරගාවලියක් වී ඇත.


වර්ෂාවෙන් එල්ල වෙන පීඩනය මත යාපනය ටයිටනස් යම් වාසනාවන්ත තැනෙක පසුවන අතර ඔවුන් තරග දෙකක් සම්පූර්ණ ප්‍රතිපල සහිතව නිමා කරමින් එය ජයගෙන ඇති අතර එක් තරගයක් පමණක් තීරණයක් නොමැතිව අවසන් කර තිබේ.


ගාල්ල කණ්ඩායම එක් තරගයක විසදුම ලබා එය ජයගෙන දෙවන තැන සිටියි.නුවරඑළිය කණ්ඩායම මේ දක්වා කිසිඳු තරගයකින් ජය හෝ පරාජය වාර්තා කර නොමැත.එහෙත් තරගයක් හෝ ක්‍රීඩා කර පරාජය වී ඇති කළම්ඹු ජගුවර්ස්,හම්බන්තොට බංගලා ටයිගර්ස් සහ කැන්ඩි බෝල්ට්ස් කණ්ඩායම්වලට වඩා ඉදිරියෙන් ලකුණු සටහනේ තෙවන තැන පසුවෙයි.


පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සාමාන්‍යයෙන් වර්ෂාවෙන් පසුව ඉක්මණින් ජලය ඉවත්වන ක්‍රීඩාංගණයක් වුව ද,ඊයේ පැවති වර්ෂා තත්ත්වය ක්‍රීඩාංගණය යථා තත්ත්වයට පත් කළ නොහැකි අන්දමේ අඛණ්ඩ බලපෑමක් එල්ල කළ බැඟින් එකඳු තරගයක්වත් පැවත්වීමට නොහැකි විය.
ඒ නිසා ඊයේ පැවත්වීමට නියමිතව තිබූ පහත සඳහන් තරග අත් හැර දැමීමට සිඳු විය.
ගාල්ල මාර්වල්ස් සහ නුවරඑළිය කිංග්ස්
මහනුවර බෝල්ට්ස් සහ යාපනය ටයිටන්ස්
කළම්ඹු ජගුවර්ස් සහ හම්බන්තොට බංගාලා ටයිගර්ස්

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...