සමහර රටවල් ධනවත් වෙද්දි, තවත් සමහරක් රටවල් දුප්පත් වෙන්නෙ ඇයි?
2024 වර්ශයේදී ආර්ථිකය සම්බන්ධව නොබෙල් ත්‍යාගය හිමිවුන 2012 වර්ෂයේ රචිත Why Nations Fail නම් කෘතියේ සඳහන් වන ආකාරයට බොහෝ පිරිසක් විශ්වාස කරන්නේ රටක සාර්ථකත්වය රඳා පවතින්නේ,
▪ස්වභාවික සම්පත්
▪රටක පිහිටි ස්ථානය
▪සංස්කෘතික උරුමය
▪ඉතිහාසයේ සිට පැවැතගෙන එන වාසනාව
වගේ කරුණු කාරනා මත කියලයි.
නමුත් මෙය වැරදි අදහසක් බවට ඉහත කී කෘතිය මඟින් සරල නමුත් බිඳහෙලිය නොහැකි සත්‍යයක් ඉදිරිපත් කරනු ලබයි.
ඒ අනුව ජාතික සමෘද්ධියේ සැබෑ නිර්මාපකයක් වන්නේ රටක පවතින ආයතනවල සැකැස්ම බවට කතුවරුන් තර්ක කරයි. එම තර්කය සරලව මෙසේ දක්වන්නම්;
මොහොතක් සිතා බලන්න එක හා සමාන භූලක්ෂණ ඇති, සම්පත් ඇති, සමාන සංස්කෘතික වටපිටාවක් ඇති රටවල් දෙකක් අතරින් එකක් දියුණු රටක් වෙද්දි අනිත් රට දියුණුවට පත්වීමට අරගලයක යෙදෙන රටක් වීමට පුළුවන්.
මෙයට පිළිතුර රැඳී ඇත්තේ ඒ ඒ රටෙහි ආයතනික ව්‍යුහය මතයි.
එනම් , රටක දේශපාලනික සහ ආර්ථික ආයතන සකස් වී ඇති ආකාරය මතයි.
එහිදී,
▪රටෙහි ආර්ථික පද්ධතියට සහභාගී වීමට සැමට අවස්ථා උදාකර දෙනවාද? එසේ නැත්නම් මේ ආයතන පවතින්නේ සුලුතර පිරිසක් අතේද ? යන්න.
▪දේශපාලන බල ව්‍යුහය විවෘත ද හෝ සංවෘත ද?
▪සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වුවත් ආයෝජනය කිරීමට, නව නිර්මාණ කිරීමට, රටේ ආර්ථිකයට සහභාගී වීමට හැකියාවක් තිබේද?
යන කරුණු වැදගත් වේ. මේ ආයතන සැමට ප්‍රවේශය සහිත ආයතන වන තරමට ඒ රටවල් ධනවත් රටවල් වීමේ සම්භාවිතාව පවතින බව කතුවරුන් ලෝකයේ රටවල් උදාහරණ ලෙස ගනිමින් තර්ක කර සිටියි.
උතුරු කොරියාව සහ දකුණු කොරියාව මේ සම්බන්ධව හොඳම සිද්ධි අධ්‍යනයක් වශයෙන් ගත හැකිය…එකම අර්ධද්වීපයක පිහිටි, සමාන භූගෝලීය ලක්ෂණ ඇති, එකම සංස්කෘතික මූලයන් ඇති නමුත් ආර්ථික වශයෙන් විශාල පරතරයක් ඇති රටවල් දෙකක්. මේ සියලු දේ සිදුවී ඇත්තේ වෙනස් වූ ආයතනික ව්‍යුහයන් නිසායි..උතුරු කොරියාවෙ දේශපාලන සහ ආර්ථික ආයතන තනි පුද්ගකයෙකු සහ කිහිප දෙනෙකු අතේ පැවතීම එහි අර්බුදයන්ට හේතුවයි.
“සමෘද්ධිය අපට පරම්පරාවෙන් උරුම වන්නක් නොවේ. එය පුද්ගලයන් බලගන්වන, දේපල අයිතීන් ආරක්ෂා කරන, මානව වර්ධනයට අවකාශය ලබාදෙන යම්කිසි පද්ධතින් හරහා ගොඩනගා ගත් දෙයකි…”
මේ පිළිබදව ඔබ සිතන්නේ කුමක්ද ? ඔබ දන්නා තවත් මෙවැනි උදාහරණ තිබේ ද?
ඔබට අනුව ධනවත් වෙන්න රටක් මොනවද කරන්න ඕන??
නීතීඥ නාමිණී පණ්ඩිත