නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑමෙන් 16 වන දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW :

ලබන 16 වන දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර, ඒ, නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම් හේතුවෙන් බව සඳහන් වේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. තවද, දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 01.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 30ක 40ක පමණ තරමක තද සුළං ඇති විය හැක බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උද්ධමනය සහ පොලී අනුපාතික : ඉදිරියේදී වෙන්නේ මොනවාද ?

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අගෝස්තු මාසයේ උද්ධමනය...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන...

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...