ඩුබායි අස්වැන්න රන් තුනයි – ලෝකඩ දෙකට නඟී

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW:

ඩුබායි හී පැවත්වෙන ආසියානු යොවුන් පැරා තරගාවලියේ දී හ්‍රී ලංකාවේ පදක්කම් තත්ත්වය රන් පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් දෙකක් බවට පත් කිරීමට පැරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්ව සිටිති.දිනා ගත් රන් පදක්කම් දෙකේම හිමිකාරිය උදුම්බරාය.ඇය F40,F41 කාණ්ඩයේ යගුලිය සහ කවපෙත්ත ඉසව් ද්විත්වයේම රන් පදක්කම් උරුමක්කාරිය වූවාය.කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ සිසුවියක වන දිල්මිණි උදුම්බරා, කවපෙත්ත ඉසව්ව ජය ගැනීම සඳහා මීටර් 12.44 ක දක්ෂතාවයක් දැක් වූවාය.


වඩාත් තරගකාරී මට්ටමක පැවති T42,T43,T44,T45,T46,T47,T61,T62,T63,T64 කාණ්ඩයේ දුර පැනීමේ ඉසව්වේදී මීටර් 4.96 ක දක්ෂතාවයක් දැක් වූ සෙනුවර සඳිලු එහි ලෝකඩ පදක්කමට හිමිකම් කීවේය.ඔහු අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයේ සිසුවෙකි.සෙනුවර මේ තරගාවලියේදී මේ වන විට පදක්කම් දෙකක් දිනා සිටින අතර ඔහු,ඔහුගේ තරග කාණ්ඩයේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම ද දිනා ගන්නට සමත් විය.
T42-T47/T61-64 Lකාණ්ඩයෙන් මීටර් 400 ඉසව්වට තරග වැදුණ මොහොමඩ් ඉෂාම් යූනුස් එහි ලෝකඩ පදක්කම දිනා ගන්නට සමත් විය.හෙම්මාතගම අල් අසාර් විද්‍යාලයෙන් අධයාපනය ලද ඉෂාම් ද ශ්‍රී ලංකාවට දිනා දුන් ලෝකඩ පදක්කමද තරගකාරී මට්ටමෙන් ශ්‍රී ලංකාවට දිනා දුන් පදක්කමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...