මේ ආර්ථික ක්‍රමයට නෙවෙයි ජනතාව අපිට වරමක් දුන්නේ: බැසිල්

Date:

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් තමා ද විරුද්ධ බවත්, වර්තමානයේ පවතින ආර්ථික ක්‍රමය සඳහා තම දේශපාලන ධාරාවට ජනතා වරමක් නොලැබුණ බවත්, තම පක්ෂයට ලැබුණු ජනතා වරමට භාහිරින් ගමන් කරන්නේ නම් ඊට තමා විරුද්ධ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ප්‍රශ්නය – ඔබතුමාට නැගෙන චෝදනාවක් තමයි ඔබතුමා ඒ කාලෙදි කිසිම කෙනෙක්ට සවන් දෙන්නෙ නෑ කියන එක. දැන් උදාහරණයක් විදිහට උදය ගම්මන්පිල මැතිවරයා විදුලි අර්බුදය පිළිබඳව දිගින් දිගටම දැනුවත් කරද්දී ඔබතුමා සවන් දුන්නේ නෑ කියන එක. ඒ කියන්නේ ඒ කාලෙදි යම්කිසි ආකාරයකින් විදුලි බිල වැඩි කරපුවහම සාගර කාරියවසම් මහලේකම්වරයා පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන එනවා. එහෙම නේද?

පිළිතුර – නෑ ඒක වැරදියි එයා එහෙම විශ්වාස භංගයක් ගෙනාවේ නෑ

ප්‍රශ්නය – නෑ ඔහු සහයෝගය දැක්වූවා නේද?

පිළිතුර – නෑ ඇත්තටම එතුමා ඡන්දෙ දෙන්න බෑ කියන කොට මහින්ද ජනාධිපතිතුමත් අපිත් පැහැදිලිව කිව්වා ඡන්දය පාවිච්චි කරන්න කියලා. එතකොට එයා ඔය විශ්වාසභංග යෝජනාවට විරුද්ධවයි ඡන්දෙ දුන්නෙ. ඉතින් එයා ගෙනාපු විශ්වාසභංගයකුත් නෑ, එයා ඡන්දෙ පාවිච්චි කරෙත් නෑ. එයා පැහැදිලිව විශ්වාසභංග යෝජනාවට විරුද්ධයි.

ප්‍රශ්නය – හැබැයි මාධ්‍ය ඉස්සරහ ට ඇවිල්ලාගම්මන්පිල ඇමතිවරයාව ඒ කාලේ
විවේචනය කලා නේද ?

පිළිතුර – ඔව් දැන් මේ කට්ටියත් කරන්නේ, ඒක ඉතින් මෙතුමාගේ අයිතියක්. ඉතිං මමත් විරුද්දයි විදුලි ගාස්තුව වැඩි කරනවට. එක එහෙම නම් එක වෙන ක්‍රමයක්. ඒ ආර්ථික ක්‍රමයට නෙවෙයි. අපිට ජනතාව වරමක් දුන්නේ එතකොට. ඒ ජනතා වරම දීපු ක්‍රමයට ඇරෙන්න ඊට භාහිරව යනවා නම් ඒක පක්ෂයක් විදිහට අපි විරුද්ධ විය යුතුයි කියන මතයේ මම හැමදාම ඉන්නවා.

බැසිල් රාජපක්ෂ පිළිතුරු දුන්නේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...

රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි

වැලිගම හිටපු නගරාධිපති, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක...

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...