චන්ද්‍රිකා සහ රොහාන් තවත් පියවරක් ඉදිරියට

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): වියට්නාමයේ පැවත්වෙන ආසියානු ප්‍රවීනයන්ගේ විවෘත බැඩිමින්ටන් සූරතාවලියේ තීරණාත්මක තරග කිහිපයක් අද දවසේත් පැවත්වෙනවා.ඒ අතර අපරාජිතව වයස් එකතුව අවුරුදු 110 කාණ්ඩයේ මිශ්‍ර තරග අංශයෙන් තරග වඳින චන්ද්‍රිකාද සිල්වා සහ රොහාන් ද සිල්වා මැලේසියාවේ චින් හූයි චූහා සහ ඉන්දියාවේ රාජිනි කොධාන්දපානි යුගලයට එරෙහිව ඔවුන්ගේ දෙවන ජයග්‍රහණයද වාර්තා කරන්නට සමත් වුණා.


එහිදී චන්ද්‍රිකා සහ රොහාන් ජාතිකත්වයද මිශ්‍ර වූ එම බැඩිමින්ටන් යුගලය පරාජය කළේ ලකුණු 21 – 15 සහ 21 – 11 ක් ලෙසයි.ඒ අනුව මේ කාණ්ඩායේ තරග සැළසුම්වලට අනුව රොහාන්ට සහ චන්ද්‍රිකා මේ වන විට සහභාගි වූ තරග දෙකම ජයගෙන සිටිනවා.


එසේම ඊයෙ දවසේ තරග ප්‍රතිපලවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අවුරුදු 40 වයස් කාණ්ඩයේ කේවල පිරිමි ජයග්‍රහණයක් වාර්තා කළ අමිල යටපාන ද එහි අවසන් අට දෙනා අතරට ඒමට සමත් වුණා.අමිල හමුවේ පරාජයට පත් වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විසෙන්ට් රේයෙස් වන අතර ඔහු තරග වට 2- 0 ක් ලෙස අමිල ඉදිරියේ පරාජයට පත් වුණා.තරගයේ ලකුණු තත්ත්වය දැක් වුණේ ලකුණු 21 – 15 ක් සහ 21 – 11 ක් ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඉරාන අගනුවරින් වහාම ඉවත්වන්න’ – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ අගනුවර වන...

අහම්බයක් ….

පුරාවිද්‍යාව හදාරමින් සිටි යුගයකදීමිනිසා සහ අශ්ව හිස ළඟදීඅහම්බයකින්ය අප...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 17) දිනයේදී බස්නාහිර සහ...

ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය...