රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW :
ඊයේ (14) රාත්‍රියේ රුපියල් රුපියල් විසි එක් කෝටි හැට හය ලක්ෂ අසූ දහසක වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
මෙම කුෂ් තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන වෙනත් පුද්ගයෙකු ලවා මෙරටට ගෙනැවිත් සිය නිවසෙහි සඟවා ගෙන සිටි මත් ජාවාරම්කරුවකු පිළිබඳ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු ඊයේ (14) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව වැඩිදුරටත් වාර්තා වේ .
පොලිසිය සඳහන් කරන්නේ, අත්අඩංගුවට පත් 34 හැවිරිදි පුද්ගලයා වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.
සැකකරුගේ නිවස වැටලූ පොලිසියට එහි තිබූ විවෘත නොකළ ගමන් මල්ලක ඇසුරුම් 20ක් තුළ කිලෝ 21කට වැඩි කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙන බව පැවසේ.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, මීට අමතරව සැකකරු සන්තකයේ තිබී අමෙරිකානු ඩොලර් 4,900ක මුදලක්ද සොයාගත් බවයි
අද (15) දින සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
