සටහන – රුවන් නෙළුගොල්ල
2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.4ක ධන වර්ධන වේගයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
“ආර්ථිකයේ සාමාන්‍ය මිල මටට්ම 2025 තෙවන කාර්තුවේ මුල පටන් ඉහළ යාම ආරම්භවීමත්, බොහෝදුරට ස්ථාවරව පැවති ශ්‍රී ලංකා රුපියලේ බාහිර අගය ප්‍රධාන මුදල් වර්ග කිහිපයක් සම්බන්ධයෙන් අඩුවීමත් ව්‍යවසායකයින්ට සහ අපනයනකරුවන්ට සානුබල සැපයිනි. මේ අතර, 2025 තෙවන කාර්තුව තුළ ආනයන සහ අපනයන, පෙර වසරේ තුන්වන කාර්තුවට සාපේක්ෂව අඛණ්ඩව ඉහළ මට්ටම්වල පැවතුණි. වඩාත් වැදගත් දෙය නම්, බොහෝ දුරට සංස්ථාපිත සහ පෞද්ගලික අංශය හරහා පුළුල් වූ දේශීය ණය සැපයුම, ශ්‍රී ලංකා ආර්ථිකයේ වාර්තා වූ 5.4ක වර්ධනයට උපකාරී වීමයි. 2025 තෙවන කාර්තුවේ දී මූල්‍ය ක්‍රියාකාරකම්වල වාර්තා වූ කැපීපෙනෙන වර්ධනය මගින් මෙය තවදුරටත් පිළිබිඹු වේ. මීට අමතරව, සංචාරක පැමිණීම් වැඩිවීම, ආයෝජන භාණ්ඩ සැපයුම වැඩිවීම සහ අතරමැදි භාණ්ඩ ආනයන පිරිවැය අඩුවීම සිදුවිය. එම නිසා නිමවුම් කර්මාන්ත ආර්ථික කටයුතු කිහිපයක, ඉදිකිරීම් කර්මාන්තය සහ නවාතැන් හා ආහාර පාන සැපයීම, භාණ්ඩ හා මගී ප්‍රවාහන සේවා ඇතුළත් බොහෝ සේවා ආර්ථික කටයුතුවල වාර්තා වූ වර්ධනයට මූලික විය”
ඒ අනුව 2025 තුන්වැනි කාර්තුවේ දී ආර්ථිකයේ ප්‍රධාන අංශ පහත පරිදි වර්ධනයන් අත්පත් කර ගැනීමට සමත්ව ඇත.
කෘෂිකාර්මික – 3.6%
කර්මාන්ත – 8.1%
සේවා – 3.5%
ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කර ඇත්තේ 2025 වර්ෂයේ තුන්වැනි කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමිනි.
