අරගලයේ ක්‍රියාකාරික ඩිලාන්ට ප්‍රහාරයක්. තුවාල ලැබූ ඩිලාන් රෝහල්ගත කෙරේ

Date:

ගෝල්ෆේස් අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වූ ජනප්‍රිය හඬකැවුම් ශිල්පී ඩිලාන් සේනානායක මහතාට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබේ.

තුවාල ලැබූ ඩිලාන් සේනානායක මහතා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර එයින් ඔහුගේ පාදයකට සහ උරහිසට තුවාල සිදුව ඇති බව සඳහන්.

ඩිලාන්ගේ තත්වය බරපතළ නොවන බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඉන්දියාවට කඩුලු අටකින් දිනන්නට මාවත සකස් කර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රි ලංකාවේ විස්සයි විස්ස...

Emily in Paris නවතම කතා මාලාවෙහි එක් තැනක, ශ්‍රී ලංකාව ගැනත් කතා බහක්!

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW):  Emily in Paris යනු නෙට්ෆ්ලික්ස් සඳහා...