*
Friday, March 29, 2024
spot_img

Latest Posts

රනිල්ටත් බැරිවෙයිද … ?

මේ මහා ආර්ථික අර්බූදය හේතුකොටගෙන මතුවූ පසුගිය මහා අරගලය තුලදී නිශ්චිත කාරණාවන් දෙකක් අපට පැහැදිලිව දක්නට ලැබින. එකක් ගෝඨාබය යනු අර්බූධ හත්පොලේ ගාගන්නා දුර්වල පාලකයෙක් බවය. අනිත් කාරණාව ඒ මොහොතේ පාර්ලිමේන්තුවේ සිටි අර්බූදයට තාවකාලිකව හෝ පිළියම් යෙදිය හැකි එකම දේශපාලනඥ්ඥයා රනිල් පමණක් බවත්ය.

විශේෂයෙන් මාර්තුවලින් පසුව අර්බූදය හතරපැත්තම ගිනිගන්නා ගිනිකබලක් බවට පත්වෙමින් තිබින.
එක් පසෙකින් මිනිසුන් ලක්ෂගනනින් මහමගට බසිමින් තිබින. තවත් පැත්තකින් දේපොල යාන වාහන ගිනි තබන අරාජික ප්‍රචන්ඩත්වයක් රට තුල නිර්මාණය වෙමින් තිබින. තවත් පැත්තකින් රාජ්‍යයේ පරිපාලන ගොඩනැගිලි අරගල කරුවන් විසින් අල්ලාගනිමින් තිබින. මෙහි උච්චම අවස්තාව වූයේ පාර්ලිමේන්තුව අල්ලාගැනීමට උත්සාහ දැරීමය.

එපමනක් නොව සති ගණන් පෙට්‍රල් ශෙඩ්වල ඉන්දන නොමැතිව තිබින. දිනගනන් තෙල් පෝලිම්වල සිටි මිනිසුන් පිහිවලින් ඇනගනමින් එකිනෙකා මතින් ආතතිය පිටකරගන්නා තත්වයක්ද නිර්මාණය වී තිබින.
එසේම තැන්තැන්වල මිනිසුන් පාරවල් වසා දමමින් ඇතැම් පෙට්‍රල් ශෙඩ් සහ තෙල් බවුසර් බලෙන් අල්ලා ගනිමින් තිබූ තත්වය තුල සමස්ථ රට තුලම පූර්ණ අරාජිකත්වයක් නිර්මාණය වෙමින් තිබින.

කෙසේ හෝ රනිල් බලයට පත්වීමත් සමඟ මේ තත්වය පාලනය කරගත් බව ඕනෑම කෙනෙකුට අවිවාදිතව පිළිගැනීමට සිදුවන කාරනයකි. ඔහු මුලින්ම පාර්ලිමේන්තුව නැවත ස්තාපිත කල අතර අරගල කරුවන් අත තිබූ ගොඩනැගිලි ද උපායශීලීව නැවත් ලබාගන්නා ලදී. මිලේ ලොකු වෙනසක් සිදු නොවුන ද තෙල් පෝලිම් සහ ගෑස් පෝලිම්ද ක්‍රමයෙන් අඩුවී යන බවක්ද දක්නට ලැබින.

ඉන් අනතුරුව ඔහු විසින් ගතයුතුව තිබූ ක්‍රියාමාර්ගය වූයේ අර්බූදයට මූලිකවශයෙන් හේතුවූ බිලියන ගනනින් විදේශ ණය ලබාගනිමින් නඩත්තු කරගෙන ගිය ‍රාජ්‍ය ආයාතන පද්දතිය ප්‍රතිව්‍යුහගතකිරීමය.
එසේම නිදහසෙන් පසු මේ දක්වාම හැත්තෑ හතර වසරක් තිස්සේ මිනිසුන්ව ආර්ථික වශයෙන් සවිබල ගන්වනවා වෙනුවට “හාල් පොත්” “ජනසවිය” “සමෘද්ධිය” බෙදපු සුබසාධනවාදී (මැතිවරණ තුරුම්පු) ආර්ථික ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමය.

නමුත් එකී ප්‍රතිසංස්කරණ සඳහා මෙතෙක් ඉතිහාසයේ ගත් සියළු උත්සාහයන් අසාර්ථක වූබවද මෙහිදී අප අමතක නොකල යුතු කරුනකි. හේතුව ලාංකීය මහපොලොව එකී ප්‍රතිසංස්කරණ සඳහා සූදානම් නැතිකමය.

විශේෂයෙන්ම මේ මොහොතේ ලංකා රජය විසින් ස්වකීය නඩත්තුව වෙනුවෙන් ගත් සහ නැවත ගෙවිය යුතු ණය කන්දරාව ප්‍රතිව්‍යුහගතකරගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගත යුතුමය. එසේම ආයෝජනය සඳහා හෝ යම් විදෙස් ණය මුදලක් ලබාගැනීම සඳහා උවමනා ජාත්‍යන්තර ඇපකරුවෙකු වශයෙන්ද සහ අර්බූදයෙන් ගොඩයෑම සඳහා ආර්ථිකයට අදාල උපදේශන සේවා ලබාගැනීම සඳහාද ලංකා රජයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ යම් සහයෝගිතා ක්‍රියාවලියකට යා යුතුමය.

නමුත් ලංකා බූමිය තුල ඇති අයි.එම්. එෆ්. විරෝධය වූකලී දීර්ඝ කාලයක් තිස්සේ අටුවම් බැස පවතින දෙයකි. වාමාංශිකයන් විසින්ද සිංහල බෞද්ධ වාමාංශිකයන් විසින්ද කාලයක් තිස්සෙ මහපොලොවේ වැපිරූ මතය වූයේ අයි.එම්.එෆ්. යනු ලාංකීය ජාතික ආර්ථිකය වැනසීමට බටහිරයන් විසින් ඇටවූ උගුලක් බවය.
මේ පසුබිම තුල බූමියේ කිසිදු ජනපදනමක් නැති රනිල් වැනි තනි දේශපාලනඥයෙකුට මේ සියල්ල කළමනාකරණය කරගත හැකියැයි සිතීම ඉතාම සැකසහිතය.

ඇත්තෙන්ම මේ විනිමය අර්බූදය නිර්මාණය වීමට නියමිතව තිබුනේ ලෝකයෙන් හුදෙකලාව වවාගෙන නිපදවාගෙන පරිබොජනය කරන්ට ගිය සිරිමාවෝගේ ජාතික ආර්ථිකයේ කෙලවරදීය. නමුත් හැත්තෑ හතේදී බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන විසින් ගෙන එනු ලැබූ විවෘත ආර්ථික වැඩපිලිවල තුල විදෙස් ආයෝජන මෙරටට ගෙන්වා ඒ යටතේ ක්‍රියාත්මක උනු ඇඟළුම් අපනයනය හරාහාද සහ මැදපෙරදිග කලාපයට හා තවත් ලෝකයේ බොහෝ රටවල් වලට ශ්‍රමිකයන් ආයාත කිරීමේ ව්‍යාපෘතිය හරහාද මේ විනිමය අර්බූදය සමහන් උනි. නමුත් ඊළඟ මොහොතේ ජේ.ආර්. ජයවර්ධන ගෙනා විවෘත ආර්ථික වැඩපිලිවල මහපොලොවේ අසාර්ථක විය.

එයට හේතු වූයේ විවෘත ආර්ථිකට එරෙහිව එදා විශාල විරෝධයක් මහපොලොවෙන් මතුවීමය. මේ විරොධයේ ගාමක බලවේගය වූයේ නෂ්ඨ වෙමින් පැවති දේශීය නිශ්පාදන පන්තියයි. හේතුව ගෝළීය වෙළඳපොලත් සමඟ මෙරටට පැමිනෙන ප්‍රමිතියෙන් යුතු බාන්ඩවල ලාබ මිල හා තාක්ෂණය සමඟ ප්‍රාදේශීය නිශ්පාදනවලට තරඟ කිරීමට නොහැකි වීමය. අනික් පැත්තෙන් හනමිටි සාදාචාරවාදයන් කරපින්නාගෙන සිටි ඊනියා සදාචාරවාදීන්ද ගෝළීයකරනය සමඟ රට තුලට එන බටහිර සංකෘතියට බියවිය.

ඇත්තෙන්ම මේ සමාජ කන්ඩායම් විවෘත ආර්ථිකය අර්තකතනය කරගත්තේ ජේ.ආර්. හරහා ක්‍රියාත්මක වන බටහිර කුමන්ත්‍රණයක් ලෙසය. මේ තත්වය තුල එදා විවෘත ආර්ථිකයට එරෙහි පොදු අරගලය සන්නද්ධ කැරැල්ළක් ලෙසද තවත් තැනක සංකෘතිය බේරාගැනීමට පැමිණි ආගමික නායකයන්ගේ හා සදාචාරවාදීන්ගේ විරෝධයක් ලෙසද එකම කාලගෝට්ටියක් බවට පත් උනි.

එදා ජේ.ආර්.ට වැරදුන තැන සම්බන්දව අපි මේ මොහොතේ සිට ආපෝහකව විශ්ලේෂණය කලහොත් ඔහුට වැරදුනේ බිමේ පැවතුන සමාජ පසුගාමී තත්වය පිළිඹඳව නිවැරදි ගණනය කිරීමකින් තොරව එකවරම ගෝලීය ආර්තිකයට ලංකාව සම්බන්ද කිරීමට යෑම යැයි අපට අද සිතිය හැකිය. කෙසේ හෝ මේ පසුබිම තුල විවෘත ආර්ථික වැඩපිලිවල කඩාකප්පල් විය. නැවතවතාවක් චන්ද්‍රිකා විසින් එය වෙනස් මුහුණුවරකින් (විවෘත ආර්ථිකයට මානුෂීක මුහුණක්) නැවත රැගෙන ඒමට උත්සාහ දැරුවද එයද අසාර්ථක විය.
ඇගේ ඒ උත්සාහයට හේතුවූයේ ඊට පිටතින් කිසිදු විකල්පයක් නැතිබව ඇයද දැනගෙන සිටි බැවිනි.

ඇත්තෙන්ම අපි මේ වත්මන් මහා ආර්ථික අර්බූදයේ සැබෑ හේතුව පිළිඹඳව නිවැරදි අවබෝධයකට අද හෝ පැමිණෙන්නේ නම් රට මේ මහා ආර්ථික අර්බූදයට ඇදවැටීමට හේතුව වූයේ රට තුල ක්‍රියාත්මක කිරීමට ගිය විවෘත ආර්ථික ක්‍රමවේදය බිඳවැටීම නිසා ඇතිවූ අර්බූදයක් මිසක විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා ඇතිවූවක් නොවනබව අප විසින් දැන් හෝ අවබෝධ කරගත යුතුව ඇත.

දැනුදු රට මේ අර්බූදයෙන් ගොඩගැනීමට ඇති එකම විකල්පයද විවෘත ආර්ථිකයේ රාමුව තුලට රටේ ආර්ථිකය නැවත රැගෙන යාමය.

නමුත් මෙහි ඇති බරපතලම ගැටලුව නම් එදා හයෙන් පහක ජනපදනමක් අතැතිව සිටි ජේ.ආර්.ට කරගත නොහැකිවූ කාර්යභාරය අද එක් පාර්ලිමේන්තු අසුනක්වත් දිනාගත නොහැකිවූ කිසිදු ජනපදනමක් නැති රනිල් කරන්නේ කෙසේදැයි යන ගැටලුව ය …

ඝනීභූත වූ මහපොලොවේ ජනතාව සිටින්නේ අතීතයේ කොහේදෝ තැනක අතරමං වූ තත්වයකය. අර්බූදයට විසඳුම් සකස්කරන රනිල් සිටින්නේ වෙනත් කොහෙදෝ සයිබර් අවකාශයකය ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan