සිමෙන්ති රුපියල් 225කින් බසී…

Date:

කිලෝ පනහක සිමෙන්ති කොට්ටයක් රුපියල් දෙසිය විසිපහකින් අඩු කර ඇතැයි සිමෙන්ති සමාගම් පවසයි.

ඒ අනුව රුපියල් 2975ට පැවති කිලෝ පනහක සිමෙන්ති කොට්ටයක් රුපියල් 2750ක් දක්වා අඩු කර තිබේ. INSEE Sanstha, INSEE Mahaweli Marine Plus හා හස්ති යන වෙළෙඳ නාම යටතේ අලෙවි කෙරෙන කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750ක් දක්වා අඩු කර තිබේ.

මෙයට සමගාමීව ටෝකියෝ සහ අල්ට්‍රාටෙක් සමාගම්ද සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750ක් දක්වා අඩු කර ඇති බවට වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසුවේ මේ මිල අඩු කිරීම සිමෙන්ති අලෙවි කරන සමාගම් ස්වාධීනව සිදු කළ එකක් වන අතර අධිකාරියට මෙය ඉදිරිපත් වූයේ රුපියල් තුන්සීයකින් අඩු කිරීමට බවය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුදල් විශුද්ධිකරණය : හිටපු ඇමති කෙහෙළියට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය...

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...