දේශීය පුවත් විස්තරය: සාරාංශය 12/15

0
176
  1. ඇ.ඩො. බිලියන 2.9 සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තිබෙන එකඟතාවයට අමතරව, ශ්‍රී ලංකාව ලබන වසරේ බහුපාර්ශ්වික නියෝජිතායතන වලින් ඇ.ඩො. බිලියන 05 ක ණය ලබා ගැනීමට අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි පවසයි – රජය සතු වත්කම් ප්‍රතිව්‍යූහගත කිරීම ඔස්සේ තවත් ඇ.ඩො. බිලියන 3 ක මුදලක් සොයා ගත හැකි වනු ඇති බව ද පවසයි.
  2. ශ්‍රී ලංකාවට, ද්වී පාර්ශ්වික ණයහිමියන්ගෙන් තවමත් ණය පහසුකම් පිළිබඳ සහතික ලැබී නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි – මීට අදාළ සාකච්ඡා සහ තොරතුරු හුවමාරුව තවමත් සිදුවෙමින් පවතින බව පවසයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය මේ දෙසැම්බරයේ නොලැබෙනු ඇති බවට පිළිගන්නා ඔහු එම ක්‍රියාදාමය 2023 මුල් කාලසීමාව තුළ අවසාන කිරීමට අපේක්ෂා කරන බව ද පවසයි.
  3. සංහිඳියාව සම්බන්ධ ප්‍රධාන ගැටළු නිරාකරණය කිරීම සඳහා කැඳවා ඇති සර්ව-පාක්ෂික සමුළුවේදී ගනු ලැබූ තීරණ එළඹෙන 2023 පෙබරවාරි වල ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දෙනු ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.
  4. ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් ගොඩගැනීම සඳහා තමා කටයුතු කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – ණයෙන් තොර ස්ථාවර ආර්ථිකයක් තමා විසින් ගොඩනඟන බවත්, ඒ හරහා ගෙවීමට ඇති ණය ගෙවා දැමීමට හැකිවනු ඇති බවත් අවධාරණය කරයි.
  5. විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් තම කාර්යමණ්ඩලය ආරක්ෂා කිරීමට අසමත්වීමට විරෝධය පාමින් දෙසැම්බර් 14 සිට 18 දක්වා පූර්ණ වැඩ වර්ජනයක නිරත වීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨ ගුරුවරුන්ගේ සංගමය තීරණය කරයි.
  6. සෑම අවස්ථාවකම, පැවති සෑම රජයක්ම තම වත්කම් විකිණීමට කටයුතු කරන බවට චෝදනා කරමින් රජය සතු ව්‍යාපාර විකිණීම හෝ ප්‍රතිව්‍යූහගත කිරීමට විරෝධය පා ඇත්තේ මහජනතාව බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි – රජය සතු ව්‍යාපාරවල පවතින අකාර්යක්ෂමතාවය, ඒවාහි සිදුවන දූෂණය සහ ලබන පාඩු මත ඒවා ණය ගෙවන්නන්ට හිසරදයක් වී ඇති බවත්, මෙවන් පාඩු තවදුරටත් භාණ්ඩාගාරයට දැරීමට හැකියාවක් නොමැති බවත් පවසයි.
  7. සිලෝන් ටී (Ceylon Tea), ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ වෙළඳපොලවල් දෙකක් වන ආර්ථික අර්බුදයකින් පීඩා විඳින ඉරානය සහ සිරියාවේ දැවැන්ත අලෙවි පසු බැසීමකට මුහුණ දෙයි – ඇතැම් මාසවල අලෙවිය සියයට 30 – 50 අතර ප්‍රමාණයකින් පහත වැටී ඇති බව තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ජයන්ත කරුණාරත්න පවසයි.
  8. දේශගුණික විපර්යාසවල අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම සඳහා හරිත දේශගුණ අරමුදලේ (Green Climate Fund) මූල්‍ය සහාය ලද හරිත මූල්‍යකරණයකට පිවිසීම සඳහා පෞද්ගලික අංශයේ සහාය ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි.
  9. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අදාළ නිල නිවේදනය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර නායකහිමියන්ට පිළිගන්වයි.
  10. සතොස විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහක මිල පහත දමයි – පරිප්පු කිලෝග්‍රෑමයක මිල රු. 04 කින් පහතට; තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රු. 15 කින් පහතට; සුදුළූණු රු. 35 කින් පහතට; ලොකු ළූණු රු. 09 කින් පහතට; දේශීය ටින්මාලු රු. 05 කින් පහතට.