ගංගාරාමය පූජා භූමියක් ලෙස සංවර්ධනය කෙරේ

Date:

ඓතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගන්වන ලදී.

හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් ඊයේ (14) පෙරවරුවේ විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා නායක හිමියන් බැහැදැක සුවදුක් විමසා උන්වහන්සේ වෙත නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළේය.

දෙස් විදෙස් බොදු ජනතාවගේ නොමඳ ගරු බුහුමනට ලක්වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සුරක්ෂිත කොට මතු පරපුරට දායද කිරීම උදෙසා එය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරමින් සංවර්ධනය කිරීමට අදාළ ශ්‍රී සන්නස් පත්‍රයට අනතුරුව ජනාධිපතිවරයා විසින් අත්සන් තබනු ලැබිණි.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරාන්ගේ විශිෂ්ට ඉණිමක් සමඟ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්,එහෙත් අවසාන පූර්ව තරගය අවිනිශ්චිතයි

නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: සිම්බාබ්වේ සහ නැමීබියාව කේන්ද්‍ර...

IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ලබන මාසයේදී ශ්‍රී ලංකාවට

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා...

යුරෝපා සංගමය විසින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස අසාදුලේඛන ගත කරයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

කැස්බෑව ආසනය පිං පොංට දුන්නේ නෑ – පොහොට්ටු සංවිධායක කියයි

රංගන ශිල්පි රජිත හිරාන් (පිං පොං) ශ්‍රී ලංකා පොදුජන...